
රිළව් නැති ලොවක්.
රිලව් නැති ලෝකයක් තිබිය හැකිද ? මෙම ලිපියෙහි ලේඛකයාට අනුව නම් තිබිය හැකිය. ඒ කෙසේද යත්;

ජනමාධ්‍යවේදීන් ලෙස කටයුතු කිරීමේදී හැමවිටම සොයා බැලීමට සිදු වන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න ගැන පමණක් නොවේ.සතා සරුපයා ගැන මෙන්ම ගහ කොළ , ගංගා ඇළ දොළ ආදිය ගැනද සොයා බලා වාර්තා කිරීමට සිදුවේ.
ඒ ආකාරයේ අලුත්ම අත්දැකීමකට මුහුණ දීමේ අවස්ථාව මේ දිනවල ජනමාධ්‍යවේදින්ට උදා වී ඇත. ඒ ළගම එන 15 වෙනිදාට යෙදී ඇති රිළවුන් ඇතුළු වන සතුන් වර්ග කිහිපයක් පිළිබඳ සංගණනය කෙරෙන අවස්ථාවයි.
මේ සතුන් පිළිබඳ කෙරෙන සංගණනය ගැන සොයා බැලීම ජනමාධ්‍ය වේදීන්ට තම තමන්ගේ කන්තෝරුවල සිට කළ හැකි දෙයක් නොවේ. ඒ සදහා රිළවුන් සහ උන්ගෙන් පීඩා විදින ගැමියන් සිටින ගම් දනව් වෙත යා යා යුතු වේ.
එසේ ගමේ යාමට 15 වැනි දා වන තුරුම සිටිය යුතු ද නැත. අද ගියත් ගම් වල ග්‍රාම නිළධාරීන් ,සමෘද්ධි නිළධාරින් ,හා කෘපනි ලා වැනි අය ගමේ ගොවිරාලලා සමග එක්ව රිළවුන් සංගණනය කිරීම සදහා පුරුදු පුහුණු වන ආකාරය දැක බලා ගත හැකිය.
ගමේ ගොඩේ, කඩේ පිළේ , බස් නැවතුමේ , වුව හුග දෙනෙක් කතා බහ කරමින් ඉන්නේ මේ ගැනමය. ජනමාධ්‍යවේදියා ගමට යන විටත්
” මේක ගම් වල ඉන්න අපට ලැබුණු හොද අවස්ථාවක්.”
යැයි එගම් වැසියෙක් රූපවාහීනී කැමරාවකට මුහුණ දෙමින් කියා සිටිනවා දකින්නට ලැබෙනු ඇත.
“ඇයි එහෙම කියන්නෙ..? “
” මෙච්චර කාලයක් වුණේ කවුරු හරි ඇවිත් අපව ගණන් කරගෙන ගිය එකනෙ මහත්තයො. ඕං පළවෙනි වතාවට දැං අපට චෑන්ස් එකක් ලැබිල තියෙනව ,රිළවුන්ව හරි ගණන් කරන්ඩ…
ඒකම මදිද?”
” ඒ කියන්නෙ සිස්ටම් චේන්ජ් වෙලා නෙ?”
“ඒක නං දන්නෑ මහත්තයො ,හැබැයි, මොකක් හරි මාරුවෙලා වග නං තේරෙනව.”
ගම්වැසියා ඒ දැම්මේ කෝචොක් එකක් බව ජනමාධ්‍යවේදියා මේ වන විට වටහා ගෙන ඇත. එහෙත් ඊට බාධා නොකර සංවාදයේ නොකඩවා නියැලීම ඔහු ගේ වෘත්තීය නිපුණතාවයයි.
” ඉතිං මේ වැඩේ මෙහෙම කරල හරි යයි කියල හිතනවද ඔබ තුමා?
” ඉතිං මහත්තයෝ වැරදුනත් මොකෝ.?කවුද කියන්නෙ වැරදියි කියල? රිළව් කියනවද?
“මිනිස්සු කියන එකක් නැද්ද?”
” මිනිස්සුම කරල , මිනිස්සුම කියනව නං වැරදියි කියල, ඒ මිනිස්සු හරි වැරදියි නේද මහත්තයො, ඔන්න රිළවු නං කිව්වත් කමක් නෑ , මොකද , මේක උන් කරපු දෙයක් නෙවෙයි නෙ.”
ඔහු සමග තව දුරටත් කතා කර පලක් නැත.මාධ්‍යවේදියා වෙනතකට යොමු වෙයි. මෙවර වයසක උන්දෑ කෙනෙකි.
” වැරදුනාට මොකෑ මහත්තයෝ , පුරුදු වෙන්ඩ වරදිනවෑ.
මේ ගම්ඔල උන්ට ඔහොම හරි වැඩක් ලැබෙන එකම මදෑ.
පාළොස් වෙනිද උදේ අටට අපි අවුරුදු එනකං වගේ බලා ඉන්නෙ , රිළව් එනකං.”
” හොදයි , මේක වැරදුනොත් , මේකෙන් නවතිනවද ? ආයෙ ගණන් කරනවද?”
“ගණන් කරන්ඩම ඕනෑ මහත්තයෝ , නැතුව කොහොමද ඉවරයක් කරන්නෙ , ගගේ මූදෙ දැම්මත් ගැනල තමයි දාන්ඩ ඕනැ.”
” කොහොමද ඉතිං වරදින්නෙ නැතුව මුං හරියටම ගණංකරගන්නෙ.?”
” මගේ නං යෝජනාවක් තියෙනව ටක්කෙටම හරියන, ඇමතිතුමාට මං කියන්ඩ ඉන්නෙ. මහත්තයාට හරි මුලිච්චි වුණොත් කියන්ඩකො.”
“මොකක්ද ? ”
“මිනිසුන්ට බැරි වුණොත් ඊළගට ඔය වැඩේ භාර දෙන්ඩ ඕනැ මහත්තයො රිළවුන්ට.”
” මොකක් ?”
” මං කිව්වෙ, ඔය ගණන් ගන්න වැඩේ භාර දෙන්ඩ ඕනැ මහත්තයො රිළවුන්ට., උන්ගෙ විස්තර හොදටම දන්නෙ උන්මනෙ මහත්තයො.”
” මුන්නැහෙ මට විහිළු කරනව නෙ.?”
“විහිළුවට නං ගන්ඩ එපා, අපි කෝම හරි උන්ට මේ වැඩේ පුරුදු කරන්ඩෝනැ.”
“රිළවුන්ට කොහොමද උන්නැහෙ ගණන් කරන්ඩ උගන්වන්නෙ?”
” උත්සාහ කළොත් බැරි දෙයක් නෑ අනේ.. සමහර රිළව් ඔයිට වඩා ලොකු වැඩත් කරන්නෙ.”
“ඒ මොනවද?”
“ඇයි නැන්ද මාම බලන්ඩ කද බැදගෙන යන්ඩ කිව්වාම එහෙම ගිහින් පෙන්නනවනෙ, රජකාලෙ උල තියපු හැටි පෙන්නන්ඩ කිව්වාම ඒකත් කරල පෙන්වනවනෙ.ඒව පුරුදු වෙන්ඩ පුළුවන් නම් මේක බැරි මොකද ?”
“අම්මපා හැබෑට.!” යැයි මාධ්‍යවේදියාට ඉබේ කියැවෙනු ඇත.
“හොදයි, මං ඇමති තුමා හමුවුණොත් කියන්නංකෝ”
යැයි කියමින් මාධ්‍යවේදියා ඊ ළගට යොමු වන්නේ , ගමේ ඉස්කෝලෙ මහත්තයා යැයි අනුමාන කළ හැකි , බුද්ධිමත් පෙනුමක් ද ඇති මහතකු වෙතය.ඔහු අතේ දිනපතා පුවත් පතක් ද ඇන.
” මහත්තයා මොකද හිතන්නෙ ? මේ සංගණනය සාර්ථක වෙයිද? ඔය දත්ත වලින් ප්‍රයෝජනයක් වෙයි ද?”
“දත්ත වලින් නං ඇති පලක් නෑ. හැබැයි සංගණනය නං ප්‍රයෝජනවත් .!”
“ඒ කියන්නෙ ?”
“ඒ කියන්නෙ මහත්තයෝ, ඔයා පහළොස් වෙනිදාට ඇවිත් බලන්නකො”
” මොකක්ද ?”
“දැන් අපි පෑන් , පැන්සල් ,කඩදාසි, පයිල් ඔක්කොම තියාගෙන උදේ අටට රිළව් එන කල් බලා ඉන්නවනෙ .”
“ඔව්?”
“ඉතිං මහත්තයෝ රිලව කියන්නෙ හොද කල්පනා කාරයා. ඈත තියාම ඌ එන්නෙ අපි දිහා හොදට බලාගෙන. අපි අතේ තියෙන පෑන් පැන්සල් දැකපු ගමන් උන් හොදටම කලබල වෙනව ,ඒ විතරක් නෙවෙයි ,අපි උන්ගෙ විස්තර ලියා ගන්න කොට උන්ගෙ බොක්ක පත්තු වෙනව.”
” ඒ අහවල් එකටද?”
” උන් හිතනව අපි උන්ගෙ ලිස්ට් එකක් හදනව කියල.”
“ඉතිං ඒකට මොකද ?”
” උං ඔය ලිස්ට් එකට මාර බයයි මහත්තයො.”
” ඒ මොකටද?”
” මීට කලින් හදපු ලිස්ට් ගැන ඔය රිළව් හොදට දන්නවනෙ මහත්තයා.ගස් උඩ ඉදං උං ඔක්කොම බලා ඉන්ඩ ඇති. ඒ ලිස්ට් එකට ගියා කියන්නෙ බඩුම තමයි.ආයෙ මෙහෙ බත් තෑවෙ නෑ කවුරුවත් ”
” ඒක එහෙමයි කියමුකො, දැන් ඉතිං මේ සංගණනෙට මොකද වෙන්නෙ?”
” මොනව වෙන්ඩද , පහළොස් වෙනිද මේ ලිස්ට් එක හදනව දැක්ක ගමන් ඕකුං දුවනව දිවිල්ලක් මහත්තයො ලොවෙත් නැති වෙන්ඩ..
ආයෙත් අපට රිළවෙක් නං බේතකට වත් දකින්ඩ ලැබෙන්නෑ.!