මියන්මාරය තුළ සුන්නි මුස්ලිම්වරුන් ලෙස ප්‍රචණ්ඩත්වයට ගොදුරුව සිටින රෝහින්‍යා (Rohingya) ප්‍රජාව අතරින් 70000 කට ආසන්න ප්රමාණයක් මේ වන විට ඝාතනයට ලක් වී ඇත. මෙම ප්‍රඡාව තම පුරවැසියන් ලෙස මියන්මාරය පිළිනොගන්නා පසුබිමක් තුළ ලෝකය අද ඔවුන් පිළිගන්නේ රටක් නැති ප්‍රඡාවක් ලෙසය.එවැනි ප්‍රඡාවක් සරණාගතයන් ලෙස ශ්‍රී ලංකාවට ඇතුළුව සිටියදී ඔවුන් පිටුවහල් කිරීමට තමන් පියවර ගනිමින් සිටින්නේ යැයි ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරිය කියා සිටින විට මේ රටේ ‘ගෝලීය මානව හිමිකම් ප්‍රමිතීන්’පිළිබද සංවේදිත්වය ලෝකය කෙසේ තේරුම් ගනීද?
පසුගිය වසර අවසානයේ (දෙසැම්බර් 19) ලක්දිව, මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පිටුවහලේ පැමිණි 115 දෙනකුගෙන් සමන්විත රෝහින්‍යා සරණගත කණ්ඩායම සම්බන්ධයෙන් ලක්රජය දැක්වු ප‍්‍රතිචාර කොතරම් මානුෂවාදී වුවේද, සහ කොතරම් දුරට ගෝලීය මානව හිමිකම් ප‍්‍රමිතීන්ට අනුකූල වුවේද යන ගැටලූ තව දුරටත් සංවාදයෙහි පවති.
ඒ සංවාදය ඇරඹුනේ මෙම සරණාගතයන්ගේ පැමිණිමත් සමග ඒ සම්බන්ධව ලංකාණ්ඩුව කළ ප‍්‍රකාශයෙනි. නීතිමය ක‍්‍රියාදාමයන් හා සාකච්චා වලින් අනතුරුව මෙම සරණාගතයන් පිටුවහල් කිරීමට ලක් රජය කල්පනා කරමින් සිටින බව මෙරට මහජන ආරක්‍ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබ`ද අමාත්‍ය ආනන්ද විජේපාල ප‍්‍රකාශ කළේය.
‘‘විදේශ කටයුතු අමාත්‍යංශය මියන්මාර රජය සමග සම්බන්ධ වී ඇති අතර නම් ලැයිස්තුව දැනටමත් ඔවුන් වෙත යවා තිබෙනවා. අපි නීතිමය ක‍්‍රියාවලිය අනුගමනය කරනවා. මියන්මාර රජය සමග සාකච්ජා කරනවා. මේ අවස්ථාවේදී ඔවුන් පිටුවහල් කිරීම ගැන සලකා බලමින් සිටිනවා.’’ යන අදහස් ඔහු ජනමාධ්‍ය වෙත පලකළේය.
ඒ සමග තවත් ලක්‍ෂයකට ආසන්න පිරිසක් ලංකාවට පැමිණීමේ සැලසුමක් පිළිබද තොරතුරු ඇතැයිද ඔහු කියා සිටියේ ලාංකික සමාජයෙහි යම් තිගැස්මක්ද ඇති කරමිනි.
එහෙත් එවැනි සංක‍්‍රමණයක් සිදු නොවූ අතර 19 දා පැමිණි 115 ක පිරිස තවමත් මුලිතිව් ගුවන් හමුදා කදවුරු භූමියෙහි රදවා සිටි.
නාවික හමුදාව භාරයට පත් වු සරණාගත පිරිස් ගොඩබිමදී පත්විය යුත්තේ ආගමන හා විගමන පාලන භාරයට වුවද ඔවුන් සතු රැදවුම් කදවුරු ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම පිරිස් තවදුරටත් ගුවන් හමුදා කදවුරු භූමියෙහි රැදවීමට සිදුවි ඇත. අනෙක් අනිත් ශ‍්‍රී ලංකාව සහ සරණාගතයන් පිළිබද එක්සත් ජාතීන්ගේ මහාකොමසාරිස් කාර්යාලයට අතර ඇති එකගත්වයන් අනුව මෙම සරණාගතයන් වෙත පහසුකම් සැලසීමේ වගකීම පැවරෙන්නේ එම (UNHCR) කොමිසම වෙතය. එහෙත් ඒ සදහා අවශ්‍ය ලියාපදිංචි කටයුතු සිදුකිරිමට පවා තවම එම කොමිසමට අවසර ලැබී නැත.
මෙම තත්වය යටතේ සරණාගතයන්ගේ අයිතීන් පිළිබද උනන්දු වන සහ ශ‍්‍රී ලංකාව තුළ ගෝලීය මානව හිමිකම් ප‍්‍රමිතීන් තහවුරු කිරීම පිළිබද උනන්දු වන පාර්ශව වෙතින් ලක් රජය වෙත විවිධ බලපෑම් එල්ලවෙමින් ඇත.
මේ සම්බන්ධයෙන් උනන්දුවන සිවිල් සංවිධාන එකතුවක් පසුගිය දා කොළඹදී මෙම තත්වයට විරෝධය පලකිරීමේ උද්ඝේෂණ ව්‍යාපාරයක් ද පැවැත් වු අතර සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන්, ජනාධිපති වරයා වෙත ලිපියක් යොමුකරමින් මෙම සරණාගතයන් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ කැපවීම පෙන්නුම් කරන ලෙස ද ඉල්ලා සිට ඇත.
සරණාගතයන් මියන්මාරයට නැවත යැවීමෙන් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළනු ඇති බවත්, පීඩාවට ලක්වීමේ තර්ජනවලට මුහුණදෙන රටකට පුද්ගලයන් යැවීම තහනම් කරන අන්තර්ජාතික ප‍්‍රතිපත්ති ඉන් කඩකරන බවත් රහුමන් මන්ත‍්‍රී වරයා එහි දී අවධාරණය කරයි.
මෙම සරණාගතයන් සුරක්ෂිත රටක නැවත පදිංචි කිරීමට හැකිවන තෙක් ඔවුන්ගේ ආරක්‍ෂාව සහතික කරමින් මානව හිමිකම් සහ වාර්ගික සහජීවනය සදහා ශ‍්‍රී ලංකාවේ කැපවිම පෙන්නුම් කරන ලෙස ඔහු වැඩි දුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
සුන්නි මුස්ලිම්වරුන් ලෙස මියන්මාරයෙහි ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වී සිටින මෙම ප‍්‍රජාව අතරින් 70000 කට ආසන්න ප්රමාණයක් මේ වන විට ඝාතනයට ලක්වී ඇත. බංග්ලාදේශයෙහි පමණක් මිලියනයකට ආසන්න රෝහින්‍යා සරණාගතයන් ප‍්‍රමාණයක් පැතිර සිටින අතර යුරෝපය දක්වා ම එම පැතිරීම ගලාගොස් ඇත.
මෙම ප‍්‍රජාව තම රටෙහි පුරවැසියන් ලෙස මියන්මාරය පිළිනොගන්නා අතර ලෝකය ඔවුන් පිළිගන්නේ රටක් නැති ප‍්‍රජාවක් ලෙසය. එවැනි පසුබිමක් තුළ ලංකාණ්ඩුව ඔවුන් පිටුවහල් කිරීමට යෝජනා කරන විට ඒ කුමන රටකටදැයි යන ප‍්‍රශ්නය නැගීම වැලැක්විය නොහැකිය.