පාස්කු විමර්ශණ වාර්තා සම්බන්ධයෙන් අලුත් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ජනමාධ්‍ය අමතමින් කරන ප්‍රකාශයන්හි සත්‍යයතාව හිටපු අමාත්‍ය වරයකු වන උදය ගම්මන්පිල අබියෝගයට ලක් කළ අතර මේ වනවිට කැබිනට් ප්‍රකාශක වරයා ගම්මන්පිලගේ ප්‍රකාශය පදනම් කරගෙන ඔහුට එරෙහි අපරාධ චෝදනා ඵල්ල කරමින් සිටී.එම අපරාධ චෝදනාව එල්ල කළේ ඔක්තෝබර් 16 දා පැවති මාධ්‍ය හමුවකදීය.
ඊට පෙර, පසුගිය ඔක්තෝබර් 08 වැනි දා පැවති රජයේ මාධ්‍ය හමුවේ දී “තවමත් පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා ජනගත නොකර සිටීමට හේතුව කුමක්දැ”යි ජනමාධ්‍යවේදියෙක් අමාත්‍යවරයාගෙන් විමසූ විට “එහි පිටු අඩු වීමක් හා අස්ථාන ගතවීමක් සිදුව ඇතැයි ද ඵ් පිළිබඳ කරුණු සෙවීමට විමර්ශණ කමිටුවක් පත් කර ඇතැයි ” ද අමාත්‍යවරයා කියා සිටියේය.
“මේ වාර්තා නැති වුණේ කොහොමද ? එය සිදුවුණේ කෙසේදැයි කියන එකත් අපි සොයා බලනව.අපි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට විශේෂ කමිටුවක් පත් කරල තියෙනව. ඒ හරහා ජනාධිපති කාර්යාලයේ යම් අක්‍රමිකතාවයක් සිදුවුණා නම් ඒ පිළිබඳවත් කොමිෂන් සභා වාර්තාවල කොහේ හෝ තැනක අතුරුදහන් වීමක් හෝ අඩුපාඩුවක් සිදුවෙලා තියෙනවා නම් ඒ සියල්ලත් ඒ කමිටුව මගින් විමර්ශණයට ලක් කෙරෙනවා.” යැයි වැඩි දුරටත් ඔහු කියා සිටියේය.
ඒ අතර ඔක්තෝබර් 14 දා කොළඹ පැවති මාධ්‍යය හමුවකදී උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා වත්මන් අමාත්‍ය විජිත හේරත් ගේ ඵම ප්‍රකාශය අභියෝගයට ලක්කරමින් “නීතිපති දෙපාර්තමේන්තුව හෝ ජනාධිපති කාර්යාලය සතුව එහි පිටපත් නොමැති නම් තමන් සතු පිටපත් තිබෙන බවද දින හතක් ඇතුළත ආණ්ඩුව තම වාර්තා ජනගත නොකරන්නේ නම් තමන් එය ප්‍රසිද්ධියට පත් කරන්නේ යැයි” ද අභියෝගාත්මකව කියා සිටියේ ය.
ඵමගින් අමාත්‍ය වරයාගේ ප්‍රකාශය දැඩි අභියෝගයට ලක් වූ අතර ජනමාධ්‍ය මගින් ද එම ප්‍රකාශය සදහා විශාල ප්‍රචාරයක් ලැබිණි. රජයෙහි තීරණ ගැනීමේ ක්‍රියාවලියේ විනිවිද දක්නා භාවය තහවුරු කිරීමේ ප්‍රධාන වගකීමක් කැබිනට් ප්‍රකාශක වරයාට පැවරේ. එම තනතුරෙහි විශ්වාසය බිද වැටීම රජයේ තීරණ පිළිබඳ විනිවිද දක්නා භාවයට මෙන්ම පුරවැසියා සතු තොරතුරු දැන ගැනීමේ අයිතියටද අභියෝගයක් වන බැවිණි.
එබැවින් තමන්ට එල්ල වූ අභියෝගයට ප්‍රතිචාර දැක්වීමේ වගකීමක් කැබිනට් ප්‍රකාශක වරයාට මෙන්ම රජයට ද තිබේ. කැබිනට් ප්‍රකාශක මේ වන විට එම ප්‍රතිචාරය දක්වා ඇති අතර දැන් එළඹ තිබෙන්නේ උදය ගම්මන්පිලගේ වාරයයි. පාස්කු විමර්ශණ වාර්තා පිළිබද මෙතෙක් හෙළි නොවූ පැතිකඩ රැසක් ඇති අතර මෙම විවාදය එම පැතිකඩ හෙළිවීමට නිමිත්තක් වන ළකුණු පළවේ.