තම පාලනය යටතේ පසුගිය (සැප්:29) දා ඉන්ධන මිළ පහත හෙලුවේ කුමන ක්‍රමවේදයක් යටතේදැයි පැහැදිලි කරමින් ආණ්ඩුවේ ප්‍රකාශකයන් ඉදිරිපත් කරන අදහස් අතර පරස්පරතාවක් පැන නැග තිබේ.තමන් මෙවර ඉන්ධන මිළ පහත හෙලුවේ මිළ සූත්‍රය අනුවම නොවේ යැයි විෂය භාර අමාත්‍ය වරයා මෙන්ම, ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ද වන අමාත්‍ය විජිත හේරත් පසුගිය( ඔක් 01) දා තම පළමු මාධ්‍ය හමුවේ දී කියා සිටි අතර , එදිනම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකාවක සාකච්ජාවකට සහභාගි වෙමින් ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අදහස් දැක්වූ ඵරන්ද ගුණසේකර ද ඵම ප්‍රකාශය තහවුරු කළේය.
එහෙත් ඉන් පසුදා පළවූ දිනපතා පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඵ්.එස්. ද රාජකරුණා කියා සිටියේ මෙවර ද ඉන්ධන මිළ අඩු කළේ මෙතෙක් සිදු කළ පරිදිම ඉන්ධන මිළ සූත්‍රය ට අනුවම බවයි.මෙවැනි මත පරස්පරතාවක් පැන නැගීමට හේතුව පැහැදිලි නැතත් මෙම තීරණය ගැනීමේදී අනුගමනය කළ ක්‍රමවේදය හා විනිවිද භාවය පිළිබඳ ගැටළුවක් ඵමගින් මතුවේ.
ඉන්ධන සදහා මිළ සූත්‍රයක් මංගල සමරවීර අමාත්‍ය වරයාගේ සමයෙහි ආරම්භ කෙරුණේ ලෝක වෙළෙඳපොළ , හා වෙනත් බාහිර සාධක ද සැලකිල්ලට ගෙන විනිවිද දක්වන රාමුවක් තුළ ඉන්ධන මිළ තීරණය කිරණය කිරීමේ අරමුණ ඇතිවය.පසුව එය බැහැර කර තිබූ නමුත් ආර්ථික අර්බුදය සමයේ නැවත කාංචන විජේසේකර අමාත්‍යවරයා මෙම ක්‍රමවේදය යොදගත්තේය.ඊට බාහිර බලපෑමක් හෝ නීතිමය පසුබිමක් නොවූ නමුත් අර්බුදකාරී සමය තුළ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඵය රට තුළ මූල්‍ය විනයක් පිළිබිඹු කළේය.