තවම ඉවර නැති අවුරුදු ක්‍රීඩාව.

ජනමාධ්‍යවේදියාට මෙවර අවුරුදු නිවාඩුවක් තිබුණේ නැත. එනිසා
ඔහු ගමේ ගියේ අවුරුදු උදාවෙන් සති කිහිපයකට පසු ‍, පුංචි ඡන්දයත් අහවර වී ටික දොහකට පසුය. පුදුමය නම්‍, ඒ වන විටත් ගම් වලට අවුරුදුය.
ජනමාධ්‍යවේදියා ගේ ගමේ ද එදා අවුරුදු උත්සවයක් තිබිණි.දවල් දවසේ ගමේ නෑදෑයන් අතර සැරි සැරූ ඔහු හැන්දෑකරේ අවුරුදු උත්සවය බලන්නට ගි⁣යේය.
බැලූ බැල්මට එය පරණ අවුරුදු උත්සවයම විය.එහෙත් ඒ අතර අලුතෙන්ම හදුන්වා දෙන අලුත් අවුරුදු ක්‍රීඩාවක් ද විය.
සංවිධායකයන් එය කෙටියෙන් හදුන්වා දුන්නේ “හොර බොරු තරගය” ලෙසය. විස්තර විචාරකයාට අනුව නම් එය “හොරකම් කරන්නා සහ බොරු කියන්නා අතර තරගය”කි. උත්සවයේ
සියලු ක්‍රීඩා අතර ජනමාධ්‍යවේදියා ගේ විශේෂ අවධානය දිනාගත් ක්‍රීඩාව එයම විය.
ඒ නිසාම ඔහු තරග සංවිධායකයකු වෙත
ළං වී ” මොකක්ද මල්ලි මේ තරගය?” යැයි විමසුවේය.
“මේක සර් හොදම හොරා කන්නා සහ හොඳම බොරු කියන්නා අතර තරගයක්. සර් මාධ්‍යවේදියෙක් නේද?”
” ඔව්”
” ඉතිං ‍, සර්ටත් පුළුවන් නෙ මේ තරගයට සම්බන්ධ වෙන්න.”
” ඒ කිව්වෙ.?මං හොරෙක් නෙවෙයිනෙ‍ මල්ලි‍‍, බොරු කාරයෙකුත් නෙවෙයි.”
” සමහර විට ඒක හොදම බොරුව වෙන්න පුළුවන් .”
” මොකක්ද කිව්වෙ?”
“ඒ කිව්වෙ සර්, හොදම හොරෙක් කවදාවත් තමං හොරකම් කළා කියන්නෙ නෑ ‍, වගේම ‍ හොදම බොරු කාර⁣⁣යෙක් කවදාවත් තමං බොරු කියනව කියල කියන්නෙත් නෑනෙ සර්.ඒ නිසා හොදම බොරුකාරයා හොදම හොරා වෙන්නත් පුළුවන් වගේම‍, හොදම බොරු කාරයා හොඳම හොරා වෙන්නත් වෙන්නත් පුළුවන්……‍,
ඉදිරිපත් වෙන්නකො සර්.”
ජනමාධ්‍යවේදියා පැය හාගයක් පමණ බිම බලාගෙන කල්පනා කර යළි හිස ඔසවා බලන විට අර සංවිධායකයා එතැන සිටියේ නැත.
හෙමින් සීරුවේ වෙනත් සංවිධායකයෙකු වෙත ගිය මාධ්‍යවේදියා ඔහු සමග කතාවට වැටුණි.
“ඔය හොර‍, බොරු තරගය කෙරෙන හැටි මට කියන්නකො.”
“වේදිකාවෙ එක පැත්තකින් හොරා එනව. අනෙක් පැත්තෙන් බොරුකාරයා එනව.ඊට පස්සෙ ඉතිං දෙන්නට දෙන්නා ⁣චෝදනා කරගන්නව.”
” ඒක මරුනෙ. ඊට පස්සෙ හොදම චෝදනාව කරන කෙනාට තෑගි දෙනව.? එහෙමද?”
” නෑ ‍, එහෙම බෑනෙ සර්.අපි කොහොමද ඒක තීරණය කරන්නෙ? හොරා හොදටම බොරු කියනව වෙන්නත් පුළුවන් . බොරු කාරයා හොදම හොරා වෙන්නත් පුළුවන්. “
ජනමාධ්‍යවේදියා මොහොතකට හොල්මන් විය.
“එතකොට කොහොමද මේකෙ ජය පරාජය තෝරන්නෙ?”
” මේකෙ ජය පරාජයක් නෑ සර් ‍, දෙන්නම දිනුම්.”
“ඒ කියන්නෙ?”
” ඒ කියන්නෙ ‍, අපි ඒ දෙන්නටම තෑගි දෙනව. දෙන්නම තෑගි අරන් ගෙදර යනව.”
“එතකොට බලා ඉන්න මිනිස්සු?”
” එයාල ඉතිං හොදට විනෝද වෙනව…” සංවිධායකයාද එහෙම කිව්වේ විනෝදයට බර හැගීමෙන්ය.
” මේ දවස්වල එයාලට තියෙන එකම විනෝදෙ ඕක තමයි සර්.!”