

ජනමාධ්‍යවේදියා ප්රවෘත්ති කාමරයට ඇතුළු වූවේම එතෙක් කිසිවෙකුගෙන් අසන්නට නොලැබුණු ප්‍රවෘත්තියක් ගැන ඉඟි කරමිනි.
“පොඩි කතාවක් නෙවෙයි මේක” ඔහු කීවේය.
“මේ රටේ මීළඟ ජනාධිපති කවුද කියලයි මම දැන් කියන්ඩ යන්නෙ”
පළමු මොහොතේ කවුරුත් සිතුවේ තම සගයා විහිළුවක් කරමින් සිටින බවය. එහෙත් ක්‍රමයෙන් තත්ත්වය වෙනස් විය. ඊට හේතුව මොහුට තිබෙන බුද්ධි අංශ සබඳතා ගැන නිව්ස් කාමරේ කාටත් හොඳ අවබෝධයක් තිබූ නිසාය.
“විහිළුවක් නෙවෙයි නේද” යි කවුරු හෝ ඇසීය.
“විහිළුවක් වෙන්නෙ බලය ගත්තම නෙ. මේක වෙන කතාවක්.”
“ඒ කියන්නෙ තවත් අරගලයක් ද? ඡන්දෙකින් දිනන්ඩ තරම් ජනප්‍රිය කෙනෙක් දැනට නම් නෑ”
“ජනප්‍රිය කරල ගන්න සැලසුම තමයි දැන් බුද්ධි අංශ අනාවරණය කරගෙන තියෙන්නෙ.”
මේ වෙලාවේ කාටත් සිහිවුණේ, සජිත්, රනිල්, නාමල් වැනි නම් කිහිපයක් පමණි.
“උඹලා හරිම සම්ප්රදායිකයිනෙ, රාමුවෙන් පිටත් හිතපල්ලා”
“ආ, මට තේරුණා, ගවේෂණාත්මක මාධ්‍යවේදියා එක්වරම කීවේය. “ඔය කියන්නෙ ආණ්ඩුවෙම කෙනෙක් ගැන නේදැ” යි වැඩි දුරටත් ඔහු ඇසුවේ හිතේ යමක් තියාගෙනය.
“ඒ තරම් අන්තයට යන්න එපා, සරලව හිතුවාම ඇති. මෙහෙම කියන්නංකො ආණ්ඩුවේ කණ්ඩායමක සභාය ලබන විපක්ෂයේ පොදු අපේක්ෂකයෙක්, දැන් තේරුණා ද?”
“ඔය කතාව ඇත්ත නං, තෙපර බාන්නෙ නැතුව කෙලින් කියපංකො ලීඞ් නිව්ස් එකක් නෙ.”
“ඔන්න එහෙම නං කෙළින්ම කිව්වා”
සියල්ලෝ එක්වර නිහඬ වූහ.
“චාමර සම්පත්ව ජනාධිපති කරන්නයි ප්ලෑන් එක තියෙන්නෙ”
නිව්ස් කාමරය මොහොතකින් සිනා සාගරයක් විය.
“සිරිසේන ජනාධිපති වෙනව කියල මං කිව්වමත් උඹල මට ඔහොම හිනා වුණා මතක ද?” “අනුර ජනාධිපති වෙනව කියල මං කිව්වමත් උඹල මට ඔහොම හිනා වුණා.”
“ඒ වගේ ද බං චාමර සම්පත්?”
“මොකක්ද අඩුව? අර දෙන්නට වඩා මොනවද අඩු? අඩුම ගානෙ හොඳ කටක්වත් නැද්ද?”
“කටෙන් පුළුවන්ද බං රටක් කරන්න?”
“ඉතින් දැන් ඔය කරන්නෙ? . . . එහෙම නෙවෙයිද?”
කවුරුත් මොහාතකට නිහඬ වූහ.
“කටක් වගේම මෙයාට අත්දැකීම් එහෙමත් හොඳට තියෙනවනෙ.”
තමන් මෙතෙක් දැරූ මතය වෙනස් කර ගනිමින් විශේෂාංග කර්තෘ පැවසීය.
“පහළම තැනින් පටන්ගෙන උඩටම ආ කෙනෙක්, ප්‍රාදේශීය සභාවෙන් ඇවිත් මහ ඇමති වෙනකල් ගිහින් කැබිනට් එකටත් ආවනෙ”
“හැබැයි ඉතිං පේපර් කොලිෆිකේෂන් තමා ප්‍රශ්නෙ, නේද? ජාත්‍යන්තර භාෂා දැනුමෙත් ප්‍රශ්නයක් තියෙනවනේ.”
“භාෂාවෙන් බැලූවොත්නං අර දෙන්නට වඩා මෙයාට දෙමළ හරි පුළුවන්.”
විශේෂාංග කර්තෘවරයා එසේ කී පසු දේශපාලන විචාරකයා ද ඉදිිරිපත් වූවේය.
“වැදගත්ම දේ තමයි මෙයා නිර්ප්‍රභූ පන්තිය නියෝජනය කිරීම. අනෙක් සාධකය ලෙස මෙයා පරිවාරයෙන් මතුවුණ කෙනෙක් බවත් අමතක කරන්න එපා” ඔහු පැවසීය.
“බුද්ධි අංශ මගිනුත් ඒ කරුණු අනාවරණය කරගෙන තියෙනවා” නිව්ස් කාමරයට රහස ගෙනා මාධ්‍යවේදියා හෙළි කළේය.
“පරිවාරයෙන්ම තමයි මෙයා ජනාධිපති කිරීමේ කුමන්ත්‍රණය සැලසුම් කරල තියෙන්නෙත්”
“ඒ කියන්නෙ?”
“ඒ කියන්නේ ඌව පළාතෙන්. මීළඟට ඌවෙ පරිවාරයෙන් නිර්ප්‍රභූ කෙනෙක් ජනාධිපති කරන එක තමයි එයාලගෙ ප්ලෑන් එක”.
“කොහොමද එහෙම කියන්නෙ, ඌවෙ කට්ටියමනෙ එයාට දාපු නඩුව පිටිපස්සෙ ඉන්නෙ?
“ඒකත් කුමන්ත්රණයේම කොටසක් බව දැන් අනාවරණය වෙමින් තියෙනවා. ඉස්කෝලෙ ළමයින්ට බෑග් අරන් දීල හිරබත් කෑ විරුවෙක් තමයි ඊළඟ ජනාධිපති වරණයට මෙයා එන්නෙ. කොහොමද ගැම්ම?”
“එතැන නං ලොකු කතාවක් තියෙනව. හැබැයි ඔය ඔක්කොම ඇත්ත වුණත්, රටක ආර්ථික ප්‍රතිපත්ති. වෙළඳ ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්ති වගේ දේවල් මෙහෙයවා ගන්ඩ මෙයාට පුළුවන් වෙයි ද?”
“අපොයි ඒවා කරන්ඩ ජනාධිපති කෙනෙක් මොකට ද? නන්දලාල් මහත්තය ඉන්නව. හුලංගමුව මහත්තය ඉන්නව. හාන්ස් විජේසූරිය මහත්තය ඉන්නව…”
“ඒ ආණ්ඩුවෙත් මෙයාල ඉන්නව ද?”
“නැතුව ඉතිං, මෙයාල නැතුව කොහොමද කවුරුවත් ආණ්ඩු කරන්නෙ?”
“එතකොට ඉන්දියාව? මෝදි අපට දිගටම උදව් කරයි ද?”
“නැතුව, නැතුව, ඒකට ඉතිං මෙයා තමයි හොඳටම හරියන කෙනා, කෝච්චියෙ කතා ආපහු මතක් කරන්ඩ විතරයි තියෙන්නෙ… ”