පසුගියදා විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම මෙරට බලශක්ති ක්ෂේත‍්‍රයේ පවතින අර්බුදයෙහි මතුපිට ප‍්‍රකාශනයක් පමණක් වන අතර, ඒ සඳහා ගැඹුරු හා දිගුකාලීන විසඳුම් අපේක්ෂා කරන්නේ නම් පුළුල් ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියක් අවශ්‍ය වන බව පසුගියදා (පෙබ.14) ONE TEXT චැනලය මගින් පැවති සංවාදාත්මක වැඩසටහනකට සහභාගී වෙමින් අදහස් දැක්වූ හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය චම්පික රණවක අමාත්‍යවරයා කියා සිටියේ ය.
හිටපු අමාත්‍යවරයා හැරුණු විට නීතීඥ ශිරාල් ලක්තිලක හා කථිකාචාර්ය ධම්ම දිසානායක යන සම්පත්දායකයන් ද මෙම සංවාදාත්මක වැඩසටහනට සම්බන්ධ වූහ. බලශක්ති ක්ෂේත‍්‍රය මූලික වශයෙන් තාක්ෂණය මත පදනම් වන නමුත්, මේ වන විට ඒ කෙරෙහි සිදුවන ආර්ථික හා දේශපාලන බලපෑම් අතිශය තීරණාත්මක වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය. එබැවින් බලශක්ති ක්ෂේත‍්‍රයේ සිදුවන ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියකදී දේශපාලන හා ආර්ථික සාධක දනොසලකා කටයුතු කළ නොහැකි බව ඔහුගේ අදහස විය.
රාජ්‍යකරණයේ පවතින පසුගාමීත්වය ද, බලශක්ති ක්ෂේත‍්‍රය අද මුහුණ දී තිබෙන අර්බුදය කෙරෙහි බලපාන ප‍්‍රධාන සාධකයක් බව ඉහත අදහසට ප‍්‍රතිචාර දක්වමින් නීතීඥ ශිරාල් ලක්තිලක කියා සිටියේ ය. එබැවින් පවතින අර්බුදයට දිගුකාලීන විසඳුමක් ලෙස බලශක්ති රාජ්‍යකරණය එම ක්ෂේත‍්‍රයට හඳුන්වා දෙමින් බලගැන්විය යුතු බව ඔහුගේ අදහස විය. ඒ සඳහා බලශක්ති ක්ෂේත‍්‍රය රාජ්‍යකරණයේ යහ පිළිවෙතින් බලගැන්විය යුතු බව ඔහු කියා සිටියේ ය.
උදාහරණයක් ලෙස විදුලි බල සම්පාදනයට අදාල ටෙන්ඩර් ක්‍රියාවලියේ පවතින ගැටලූ ගෙනහැර දක්වමින් ඔහු කියා සිටියේ එහි පාරදෘශ්‍යභාවයක් හා විවෘතභාවයක් නොමැති වීම විදුලිබල ක්ෂේත‍්‍රයේ පවතින අර්බුදයට ප‍්‍රධාන හේතුවක් වී ඇති බවය. එමෙන්ම විදුලි සම්පාදනයෙහි ජාලගතකරණ ක්‍රියාවලියද සමාලෝචනයට ලක්විය යුතු බව ඔහුගේ අදහස විය.
පුනර්ජනනීය බලශක්ති භාවිතය අධෛර්යමත් කිරීමට මෙරට බලශක්ති ප‍්‍රතිපත්තියෙහි පවතින මූලෝපායික ගැටලූවක් බව කථිකාචාර්ය ධම්ම දිසානායක මෙහිදී පෙන්වා දුන්නේය. පුරවැසියාගේ දෘෂ්ටිකෝණයෙන් එය ආර්ථික ගැටලූවක් වන අතරම, ජාතික වශයෙන් බලන විට එය මෙරට තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් පවතින ගැටලූවක් වන බව ද ඔහු පෙන්වා දුන්නේය. අද වන විට ලෝක ප‍්‍රවණතාවය පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් ප‍්‍රවර්ධනය කිරීම වුව ද ශී‍්‍ර ලංකාව ඊට පටහැනි පිළිවෙතක් අනුගමනය කිරීම ගැටලූකාරී තත්ත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය.
පහත සබඳතාව මගින් මෙම සම්පූර්ණ සංවාදයට සම්බන්ධ විය හැකිය.