ළඟ එන පළාත් පාලන මැතිවරණය සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කිහිපයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා (දෙසැම්බර් 20) මහනුවර සංචාරයක් අතරතුර ජනමාධ්‍ය අමතමින් කියා සිටියේ එළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු උත්සවයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදන බවයි. සුබවාදී නමුත්, එම බලාපොරොත්තුව වඩා අර්ථවත් වන්නේ, මේ වනවිට පළාත් පාලන මැතිවරණ ක්‍රමයෙහි අන්තර්ගත මූලික ගැටලු කිහිපයකට විසඳුම් ලබා ගත හැකි නම් පමණි.

අතරින් ප්‍රධාන ගැටළුවක් වන්නේ කාන්තා නියෝජනය 25% මට්ටමේ රඳවා ගනිමින්ම නියෝජිත සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල යාම වළක්වා ගන්නේ කෙසේද යන ගැටළුවයි. ඒ අතරම තරුණ නියෝජනය කප්පාදු නොවී රැක ගැනීමෙහි වගකීමක් ද ඇත.

මෙම ගැටළු විසඳා ගනිමින් පළාත් පාලන මැතිවරණය කඩිනම්ව පවත්වාගන්නේ කෙසේද යන අභියෝගය සමාජය ඉදිරියේ ඇතත්, සඳහා බලපෑම් කිරීමට ඉවහල් වන ප්‍රමාණවත් සංවාදයක් මෙතෙක් රටෙහි ගොඩනැගී නැත. මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබඳ පමණක් සාකච්ඡා කරමින් තිබේ. එම පසුබිම තුළ මේ වනවිට One Text Initiative විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා මඟ පෙන්වන සංකල්ප පත්‍රිකාව නිකුත් කරනු ලැබ ඇත. ඒ ආශ්‍රිතව මෙම ගැටළුවට විසඳුම් සඳහා පුළුල් සංවාදයක් ගොඩනැගෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉහත ගැටලු සඳහා මෙම සංකල්ප පත්‍රිකාවෙන් ඉදිරිපත් කෙරෙන විසඳුම් කවරේදැයි දැන ගැනීම සඳහා පිවිසෙන්න:-