හැඳින්වීම:
රසායනික පොහොර තහනම හරහා ශ්‍රීලාංකික කෘෂිකාර්මික කෂේත්‍රය තුළ පවතින අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇත. පොහොර තහනම හේතුවෙන් මේ වන විටත් අංගවිකලව පැවති ශ්‍රීලංකික කෘෂි කර්මාන්තය පුර්ණ බිඳ දැමීමකට ලක්වේ යැයි කීම අතිශයෝක්තියක් නොවනු ඇත. අවාසනාවකට ලාංකික කෘෂිකර්මය හෝ ගොවිජන ගැටලු පිලිබඳව දාර්ශනික තලය තුලදී හෝ දේශපාලනික හෝ සමාජීය කරුණක් ලෙස හෝ කතිකාවක් මෙරට තුළ පැවතුනේ නැති තරම්ය. නමුත් මෙවර පැනවු තහනම මෙම විෂයය සමාජයේ අවධානයට ලක් කොට කොට සමාජ කතිකාවක් බවට පරිවර්තනය කරමින් සිටී. නමුත් එලෙසට ලැබෙන අවකාශය තුල එම කතිකාව රසායනික පොහොර භාවිතය සහ ජෛව කෘෂිකර්මයේ ඇති හොඳ නරක පිලිබඳ කතිකාවකට ලඝු නොකොට මෙම කෂේත්‍රය තුළ සුසමාදර්ශී පරිවර්තනයක් ඇති කර ගැනීම අප ඉදිරියේ ඇති අභියෝගය වන්නේය. මෙම ලිපියේ අරමුණ එවන් කතිකාවකට මුල පුරන්නට අවැසි තොරතුරු සමාජය වෙත මුදා හැරීමයි.
ලාංකික කෘෂිකර්මයේ දිග පළල:
ශ්‍රී ලංකාවේ ඉඩම් භාවිතය ශ්‍රී ලංකාවේ ඉඩම් භාවිතය පිළිබඳ සංඛ්‍යා ලේඛණ වල විවිධ මූලයන් සලකා බැලු විට (ශ්‍රී ලංකා මහ බැංකුව, කෘෂිකර්මදෙපාර්තමේන්තුව, වැවිලි අමාත්‍යාංශය) පරස්පරයන් පවතී. ආසන්නයෙන් ගත් කල එය මෙසේය;
රටේ මුළු භූමිභාගය හෙක්ටයාර මිලියන 6.5 යි. (6,500,000)
වී – 983,550 (අතහරින ලද 40,356) – 14.99 %තේ – 228,118 (අතහරින ලද 5,855) – 3.48 %පොල් – 208,368 – 3.18 %රබර් – 186,334 (අතහරින ලද 2,359) – 2.84 %සෙසු සියලු භෝග – 492,289 – 7.5 %ගෘහස්ත වතු – 1,142,920 – 18.18 %
මේ අනුව රටේ ඉඩම් වලින් ආසන්න වශයෙන් 32% ක් කෘෂි සහ වැවිලි කටයුතු සඳහා යොදාගෙන ඇති අතර ගෘහස්ථ ඉඩම් සමඟ එය ආසන්න වශයෙන් 50% කි.
ශ්‍රීලංකාව වැනි අධික ජන ඝණත්වයක් ඇති රටක (ජනයා 340යි, 1 km2 ට හා ලෝකයේ 58 වැනි තැන)ඉදිරි අනාගතය සඳහා ප්‍රශස්ථ ඉඩම් භාවිතය පිළිබඳ විධිමත් භෞතික සැලසුමක් හා කෘෂිවගා ප්‍රතිපත්තියක් අවශ්‍යව ඇත.
ශ්‍රීලාංකික කෘෂිකාර්මික කෂේත්‍රය රටේ භූමි භාගයෙන් 40% (හෙක්ටයාර මිලියන 2.3) නියෝජනය කරයි. එසේම ශ්‍රීලාංකික කෘෂිකර්මය රටේ ජලමුලාශ්‍ර අතරින් 80% පරිභෝජනය කරයි. මෙම කෂේත්‍රයට බැඳුණු ශ්‍රම බලකාය රටේ සමස්ත ශ්‍රම බලකාය අතරින් 27% (මිලියන 2) කි. රටේ කෘෂිකරමය සඳහා භාවිත වගාබිම් මිලියන 3.3 ක් ඇති අතර ඒවායින් 45% කුඩා ඉඩම් වන අතර ඒවායේ ඉඩම් වපසරිය හෙක්ටයාර 0.1 ට අඩුය. එනම් ශ්‍රීලංකාවේ ගොවීන්ගෙන් ලක්ෂ 33ක් හිමිකම් කියන්නේ අක්කර කාලකට අඩු භූමියකයි. ඉතිරියෙන් 90% හෙක්ටයාර 2 (අක්කර 5) ට අඩු වගාබිම් වලින් සමන්විත වන්නේය. ඒ අනුව බලනකල රටේ කෘෂිකර්ම නිශ්පාදනයට හවුල් වන වගාබිම් අතරින් 80% කුඩා ඉඩම් හිමියන් ගෙන් සමන්විත වන්නේය.
රටක ආහාර සුරක්ෂිතතාවය, ඖෂධ සුරක්ෂිතතාවය හා බලශක්ෂි සුරක්ෂිතතාවය ඒ රටේ ජාතික ස්වෛරීත්වය කෙරෙහි බලපායි. විශේෂයෙන් 2020-21 ඇතිවූ වසංගත තත්ත්වය තුළ ආහාරසුරක්ෂිතතාවයේ වැදගත්කම අතිශයින් තීරණාත්මක විය. අවම ආහාර අවශ්‍යතාවය හෝ නිෂ්පාදනයකළ නොහැකි වූ රටවල් වසංගතයට අමතරව සාගතයට මුහුණ දුන්හ. 2020 මහබැංකු වාර්තාව අනුවශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය මෙලෙසය.
ආහාර සුරක්ෂිතතාවය
නිෂ්පාදනය අපනයනය/ආනයනය
වී තේ
පොල් 5,212,000 MT 300,000,000 Kg
2,792 (ගෙඩි මිලියන) 23,000 MT (විශේෂ සහල්වර්ග ආනයනය)266,000,000 Kg අපනයනය
පොල් 574 (ගෙඩි මිලියන) අපනයනය
(අවශ්‍යතාවය පොල් ගෙඩි මිලියන 3000)
රබර් සීනි 78,200,000 Kg 59,869 MT 16,000,000 Kg අපයයයය682,553 MT ආයයයය
ඵලදායීතාවය 2020
වී හෙක්ටයාරයකට තේ හෙක්ටයාරයකට 4,802 Kg (ප්‍රශස්ථ මට්ටම 6,500 Kg)1,500 Kg (ප්‍රශස්ථ මට්ටම 3,000 Kg)
පොල් හෙක්ටයාරයකට ගෙඩි රබර් හෙක්ටයාරයකට 5,419 (ප්‍රශස්ථ මට්ටම 9,000)78 Kg (ප්‍රශස්ථ මට්ටම 120 Kg)
කෘෂි අපනයන වලින් (තේ ඇතුළුව) උපයන ලද මුළු ආදායම රුපියල් මිලියන මිලියය 2,462 ක් පමණ වනඅතර රුපියල් මිලියය 750 ක පමණ සීනි, එළවළු, පළතුරු හා පිටි ඇතුළු ද්‍රව්‍ය මෙන්ම ආහාර බීජ වර්ගහා වෙනත් ආහාර ද්‍රවය ආනයනය කර ඇත.
සංඛ්‍යා ලේඛණ වලින් පෙනී යන්නේ, ඵලදායීතාවය ඉහල නැංවීමෙන්,නව වගාවන් ඇති කිරීමෙන්,ප්‍රමිතතියකින් යුතු අස්වනු ඇති කිරීමෙන්, ශ්‍රීලංකාවට මූලික ආහාර සුරක්ෂිතතාවය ළඟාකරගත හැකි බවත් කෘෂි ආනයනය අවම මට්ටමකතබාගෙන කෘෂි අපනයනය නැංවිය හැකි බවත් ය..
ඉහත කී ගොවි බිම් අතරින් බහුතරයක් වී ගොවිතැන වන නමුත් චීනයට, ඔස්ට්‍රේලියාවට හා ඉන්දුනිසියාවේ වී නිශ්පාදනයට සාපේක්ෂව අපගේ වී නිශ්පාදනය පවතින්නේ සතුටු විය හැකි මට්ටමක නොවේ. අප රටේ වී නිශ්පාදනය හෙක්ටයාරයකට කිලෝග්‍රැම් 4500 නිපදවන විට ඉන්දුනීසියාව 5100 Ha/Kg ද චීනය 7000Ha/Kg සහ ඔස්ට්‍රේලියාව 8800 Ha/Kg නිපදවනු ලබයි. අපගේ වී ගොවිතැන හෙක්ටයාර 850,000 පුරා විහිද ඇති නමුත් මහ කන්නයේදී එම බිම් ප්‍රමාණයෙන් 90% වගාකරන කෙරෙන අතර යල කන්නයේදී වගා කරන්නේ එම බිම් ප්‍රමාණයෙන් 50% පමණකි. මහ කන්නයේ අස්වැන්න බොහෝ විට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට, කලාපයෙන් කලාපයට අනුව වෙනස්වන අතර එම ප්‍රමාණය 2500Ha/kg සිට ඉහළට යන ප්‍රවණතාවයක් ඇති බව සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි.
එසේම, අපගේ මුලු කෘෂි භූමියෙන් 18% ක්, එනම් හෙක්ටයාර 839,124 ක ගෙවතු කෘෂිකර්මයෙහි නියැලෙන ගෙවතු මිලියන 4.5 පවතී. එසේම හෙක්ටයාර 772,000 ක් තුළ වැවිලි කර්මාන්තය පවත්වා ගෙන යනු ලබයි.
අප රට කෘෂිකාර්මික රටක් ලෙස හඳුන්වනු ලැබුයේ වුවද නිදහසින් පසුව ගතකරන අටවන දශකයේදී පවා අප මෙරටට ආනයනය කරනු ලබන කෘෂි නිශ්පාදනයන් හි වාර්ෂික පිරිවැය ඩොලර් බිලියන 2.2 පමණ වන්නේ යයි ගණන් බලා තිබේ.
මිරිස් රු.මි. 10,542 (ඩො.මි. 56), අර්තාපල් රු.මි. 11,619 (ඩො.මි. 63), පරිප්පු රු.මි. 14,600 (ඩො.මි.79) ඇතුළු තිරිඟු පිටි, එළවළු හා පළතුරු ඇතුළු ආහාර ආයයයය සඳහා ඩො.මි 417 නැතහොත් බිලියය 77 ක් වැයකර ඇත. මෙයින් පෙනී යන්නේ ඇතැම් අත්‍යවශ්‍ය ආහාරවල සුරක්ෂිතතාවයක් තිබුණ ද , ඇතැම් ආහාර වර්ග එසේ නොවනා බවය. උදාහරණයක් ලෙසට මිරිස්, අර්තාපල් සහමුලින්ම ද, සීනි වලින් 40% ක්ෂ පමණ රටතුළ නිපදවා ගැනීමේ හැකියාව තිබියදී එසේ සිදුනොවනා බවය.
60 දශකයේ දී දළ දේශීය නිශ්පාදනයට කෘෂිකර්මාන්තය ලබා දුන් දායකත්වය 34% ව තිබු නමුත් පසුගිය දශකය තුළ එම දායකත්වය 7% ත් 8% ත් දක්වා පල්ලම්බැස තිබේ. එම දායකත්වය දක්වන රටේ බහුතරය මේවන විට නියැලී සිටින්නේද අවිධිමත් කෘෂිකාර්මික ක්‍රියාවලියක් තුළය. එම නිශ්පාදන ක්‍රියාවලියෙන් නියෝජනය කරන්නේ සඵලදායකත්වයක් හෝ කාර්යක්ෂමතාවයක් නොමැති යැපුම් කෘෂිකර්මාන්තයකි. එවැනි අවිධිමත් කෘෂිකර්මාන්තයක් මගින් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන නිසා රටේ ජනගහනයෙන් 7% නිරපේක්ෂ දරිද්‍රතාවයෙන්ද 55% ආසන්න සංඛ්‍යාවක් සාපේක්ෂ දරිද්‍රතාවයෙන්ද පෙලෙන බව නිල සංඛ්‍යා ලෙඛන පෙන්නුම් කරයි. මේ අතරින් අතලොස්සක් නාගරික දිළිඳු ජනතාව නියෝජනය කරන කල අතිමහත් බහුතරය නියෝජනය කරන්නේ ග්‍රාමීය ගොවි ජනතාවයි. ඒ අනුව මෙරට කෘෂිකර්මාන්තය මුහුණදෙමින් සිටින අභියෝගය රටේ සමස්ත අභියෝගයක්ම වන්නේය.
තාක්ෂණය හා ඵලදායීතාවය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛණ අනුව 1950 දී රටේ සහමුලින්ම දේශීය වී වගාකළ අතරඅකාබනික නොහොත් රසායනික පොහොර භාවිතයක් සිදු නොවීය. එහිදී හෙක්ටයාරයකට අස්වැන්න වූයේ වී මෙ.ටො. 0.9 කි. (900Kg). රටේ අවශ්‍යතාවයෙන් 60 % ක් පිටරටින් ආනයනය කරන ලදි. වසර 2010 දී ආසන්නයෙන් ශ්‍රීලංකාව වී/සහළින් ස්වයංපෝෂිත වූ අතර හෙක්ටයාරයකට වී මෙ.ටො 4.3 ක් ලබාගන්නා ලදි. එහිදී අභිජනනය කළ වී වර්ග 96 % ක් භාවිතා කරන ලදි. මේ අනුව පෙනී යන්නේ වී අස්වනු පැත්තෙන් යම් සාර්ථකත්වයක් ශ්‍රී ලංකාව නිදහසින් පසු ලබාගෙන ඇති බවය. එයට තාක්ෂණය හා ඵලදායීතාවය දායක වී ඇත. නමුත් එය ශ්‍රී ලංකාව තුළම ප්‍රශස්ත මට්ටම නොවන අතර වී නිපදවන අනෙක් රටවල් සමඟ සංසන්දනය කළ විට ද එය ප්‍රශස්ථ තත්ත්වයක් නොවේ. එමෙන්ම සමස්ත ආර්ථිකය පැත්තෙන් ගත්කල කෘෂි වැවිලි ක්ෂේත්‍රයේ ඵලදායීතාවය ප්‍රශ්නයක්ව පවතී. රටේ ශ්‍රම බලකායෙන් 27% ක් සෘජුව කෘෂි වැවිලි ක්ෂේත්‍රයේ නියලී සිටින අතර එයට දළ ජාතික නිෂ්පාදිතයේ දායකත්වය 8.6 % කි. (රු. බිලියන 1,251,921)
රසායනික පොහොර හා කෘෂි රසායන
රසායනික පොහොර ආනයනය පිළිබඳ දත්ත වල පරස්පරතා ඇත. 2019 දී රසායනික පොහොර 693,809 MT ක් ආනයනය කර ඇති අතර 2020 දී එය 952,000 MT දක්වා වැඩි වී ඇත. දැන් මේ අවශ්‍යතාවය 1,260,000 ක් වන බව කෘෂිකර්ම බලධාරීන් ප්‍රකාශ කරයි. පොහොර වලින් ආසන්න වශයෙන් 38% ක් වී වගාවට වැය වය අතර අනෙක් වැඩිම වාභාවිතයක් ඇත්තේ තේ වගාව සඳහා ය. 2020 වසරේදී රසායනික පොහොර ආනයනය සඳහා රුපියල් බිලියන 48 (254 ඩො.මි.) ක් වැය වී ඇති අතර කෘෂි රසායනික ආනයනය සඳහා රුපියල් බිලියය 18.5 (ඩො.මි. 10.2 – 2019) වැය වී ඇත. 2020 වසරේ ලබාදී ඇති පොහොර සහනාධාරය රුපියල් බිලියය 33 කි. ඒ අනුව සමස්ත රසායනික භාවිතයන් 50% ක් පමණ ගොවියා දරා ඇත. මෙයට අමතරව තෙල් පිරිපහදුවෙන් ද කෘෂි රසායන නිපදවා බෙදා හැරේ.
රසායනික අවශ්‍යතාවය
පැලෑටියක මනා වැඩීමට නයිට්‍රජන් (N), පොස්පරස් (P), පොටෑසියම් (K) ඇතුළු තවත් මූලද්‍රව්‍ය ගණනාවක් (16 ක් පමණ) අවශ්‍ය වේ. වාතයෙන් සහ ජලයෙන් ලබාදෙන මූලද්‍රව්‍ය හැරුණුකොට (C,H,O) Ca, Mg, Pe, Zn, Mu, Mo, Cl, Cn වැනි මූලද්‍රව්‍ය පිටින් ලබාදිය යුතුය. ප්‍රධාය පොහොර වර්ග වන යූරියා, මියුරේට් ඔෆ් පොටෑෂ්, ට්‍රිපල් සුපර් පොස්පේට් ආදියෙන් N,K,P මේ අවශ්‍යතාවයන් ලබා දේ. කාබනික පොහොර වල මෙම සංඝටක ඇත්තේ ඉතා අවම ලෙසය. උදාහරණයක් ලෙස කොම්පෝස්ට් වල නයිට්‍රජන් (1-2.0), පොස්පරස් (0.4 – 8), පොටෑසියම් (0.4 – 1.5) අතර ඇති අතර රසායනික පොහොර වල මේ සංයුතීන් 46% (යූරියා N), 60 % (මියුරේට් ඔෆ් පොටෑෂ් – K2o), 44% (ට්‍රිපල් සුපර් පොස්පේට් – P2) ය. මේ අනුව පෙනී යන්නේ මූල පදාර්ථයන් ලබා දීමේදී කාබනික පොහොර අඩු තරමින් 20-25 ගුණයක් රසායනික පොහොර වලට සාපේක්ෂව ලබාදිය යුතු බවය. නමුත් නූතන පර්යේෂකයින් පෙන්වා දෙන්නේ කාබනික පොහොර වල ඵලදායීතාවය වැඩි කිරීමෙන් මෙම ප්‍රමාණාත්මක වෙනස අවම කළ හැකි බවය. ශ්‍රී ලංකාවේ රසායනික පොහොර භාවිතය කාලයත් සමඟ සීඝ්‍ර ලෙස වැඩිවී ඇත. උදාහරණයක් ලෙස 1960 දී හෙක්ටයාරයකට වී වගාව සඳහා යොදාගත් නයිට්‍රජන් ප්‍රමාණය 8.3 Kg වන අතර 2020 දී එය 94.3 kg ලෙස ආසන්න වශයෙන් 11 ගුණයකින් වැඩි වී ඇත. ( ඒ කාලය තුළ අස්වැන්න තුන් ගුණයකින් වැඩි වී ඇත)
ලෝකය සමඟ සංසන්දනය කලවිට තත්ත්වය මෙසේය
රට රසායනික පොහොර (Kg/Ha) කෘෂි රසායනික (Kg/Ha)
ශ්‍රීලංකාව 138 0.7
බංගලාදේශය 318 1.8
පාක්ස්ථානය 156 3.1
ඉන්දියාව 175 0.3
තායිලන්තය 147 1.7
චීනය 392 13.1
ජපානය 253 11.8
ඒ අනුව බලන කල ශ්‍රීලංකාවේ කෘෂිකර්මාන්ත කෂේත්‍රය මේ වන විට මුහුණ දෙමින් සිටින සියලු පන්නයේ අභියෝග හුදු කෘෂි කර්මාන්ත කෂේත්‍රය තුළ හටගෙන ඇති විද්‍යා සහ තාක්ෂණික අභියෝග බවට පමණක් ලඝු කළ නොහැකි වන්නේය. එය රට අදවන විට මුහුණදෙමින් සිටින ආර්ථික, සමාජීය, සංස්කෘතික හා පාරිසරික යන සමස්තයේම කොටසක් වන්නේය. ඒ නිසාම එය දාර්ශනික වන්නා සේම දේශපාලනික ද වන්නේය. එසේම හඳුනාගන්නා යම් විකල්පයන් වන්නේ නම් ඒවා ද දාර්ශනික හා දේශපාලනික පදනමින් ගොඩනැගිය යුතුව තිබේ.
තර්කනය
මහාචාර්ය එස්. බී.ඩී. ද සිල්වා විසින් රචිත “Political Economy of Underdevelopment” ග්‍රන්ථයෙහි ශ්‍රීලංකාවේ අවිධිමත් ග්‍රාමීය ආර්ථිකය පිලිබඳ ව්‍යූහාත්මක විශ්ලේෂණයක් අන්තර්ගත වන අතර එම ග්‍රන්ථය මේවන විට අප රටේ මානව ආර්ථිකයේ ගති ලක්ෂණ විග්‍රහ කෙරෙන විශිෂ්ඨතම උත්සාහයක් වන්නේය. කතුවරයා පවසා සිටින්නේ අප රටේ අව සංවර්ධනය ග්‍රාමීය ගොවි සමාජයට පමණක් සීමා නොවන බවය. එය නිශ්චිත දේශපාලනික හා ඓතිහාසික ප්‍රපංචයක ප්‍රතිපලයක් ලෙස සැලකිය යුතු බවය. එම අව සංවර්ධනය සාර්ව ආර්ථිකය නවීකරණයක් පමණක් මගින් පරාජය නොකළ හැකි බවත් ඒ සඳහා සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාවෙන් හෝ සංවර්ධන න්‍යායන්ගෙන් එපිටට ගොස් පවතින නිශ්පාදන සාධක (factors) නිශ්පාදන මාදිලි (models) පිළිබඳව සැලකිල්ලට ගනිමින් සිදු කළ යුතු වෙනසක් අවශ්‍යවන බවත් කතුවරයා පෙන්වා දෙයි. මෙරට කෘෂිකර්මයේ සුසමාදර්ශී වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නම් අප ඉදිරියේ පවතින දාර්ශනික ප්‍රවිශ්ඨය විය යුත්තේ පවතින නිශ්පාදන සාධක හා මාදිලිය වෙනස් කරන්නේ කෙසේද යන්නයි.
අප මුහුණ දෙන ප්‍රශ්නය
1. ශ්‍රීලංකාවේ කෘෂිකාර්මික සහ ගොවි අභියෝගය අවබෝධ කර ගත යුත්තේ ශ්‍රීලංකාව මුහුණ දී ඇති සාපේක්ෂ දිළිඳු බව හා පරිධියේ පවතින අවිධිමත් ආර්ථිකයේ ස්වභාවය ද සැළකිල්ලට ගනිමිනි. මේ සමස්තය මගින් පෙන්වා දෙනු ලබන්නේ, ශ්‍රීලංකාවේ කෘෂි අර්බුදය නම් අප අනුගමනය කරමින් සිටින නිශ්පාදන මාදිලියේ ප්‍රතිපලයක් බවයි.
2. රටේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ග්‍රාමීයව ජීවත්වන ලෝකයේ බොහෝ රටවල් මෙන්ම ශ්‍රීලංකාවට ද කෘෂිකාර්මික සහ ගොවි ප්‍රශ්නය තීරණාත්මකය. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දුරදිග යන පරිවර්තනයක් ආර්ථික සංවර්ධනය සඳහා වන අනිවාර්ය සාධකයක් යැයි කියවේ.
3. මෙම ප්‍රශ්නය ශ්‍රීලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳව විකල්ප සොයන්නන්ට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට ක්‍රියා කරන සැමට එකසේ වැදගත් වන ක්ෂේත්‍රයකි.
4. ශ්‍රීලංකාවේ ගොවියාගේ ප්‍රශ්නය මෙන්ම කෘෂිකර්මාන්තයේ දී අප මුහුණ දෙන ප්‍රශ්න ආසන්න ලෙසට එක සමාන වන්නේ ය.
5. මෙම ප්‍රශ්න යුගලය එකිනෙකට ආසන්න ලෙස සමාන ය. ගොවි ප්‍රශ්නය බොහෝ විට පෙනෙන්නේ කෘෂිකාර්මික ප්‍රශ්නයේ එක් මානයක් ලෙසය. එසේ වුවද ගොවි ප්‍රශ්නය සමහර සන්දර්භයන්හි දී කෘෂිකාර්මික ප්‍රශ්නයෙන් පරිබාහිර කරුණු සමඟ සම්බන්ධ වේ. අප රටේ ගොවීහු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ග්‍රාමීය කර්මාන්තයන්හි කම්කරුවන් ලෙස ද සේවයේ නියැලෙති. නැවතත් කෘෂිකාර්මික කටයුතුවලට ද පැමිණෙති.
6. ශ්‍රීලංකාව තුළ ජීවත් වන ජනගහනයෙන් 75% ක් පමණ රට තුළ පවතින අවිධිමත් ආර්ථිකයට යම් අයුරකින් සම්බන්ධය. එකී අවිධිමත් ආර්ථිකයේ ප්‍රධාන සංඝටකයක් වන්නේ අවිධිමත් කෘෂිකර්මාන්තයයි. ඒ තුළ ග්‍රාමීය අවිධිමත් කර්මාන්තයන් ද පවතින අතර, ගොවිතැනෙහි යෙදෙන්නන් ඇතැම් විට මෙම කර්මාන්ත වල කම්කරුවන් ලෙස තම ආදායම් අවශ්‍යතා සපුරා ගැනීමට පෙළඹෙති. අනෙක් අතට, විධිමත් ක්ෂේත්‍රය තුළ රැකියාවන්හි නිරත වෙමින්, තම ද්විතියික ආදායම් මාර්ගයක් හෝ යැපුම් මාධ්‍යයක් ලෙස කෘෂිකර්මාන්තයේ නියැළෙන පිරිස් ද බොහෝ වෙති. එමනිසා ශ්‍රීලංකාවේ අවිධිමත් ආර්ථිකය තුළ ගොවියා යන්නට අර්ථ නිරූපණයක් ලබාදීමේ ගැටළුවක් පවතී.
7. මේ අනුව ගොවි ප්‍රශ්නය කෘෂිකාර්මික ප්‍රශ්නයෙන් පරිබාහිරව කතාකළ යුතු ග්‍රාමීය ජන සමාජයේ ගැටලුවක් බවට පත්වේ.
8. එබැවින්, ශ්‍රීලංකාවේ කෘෂිකාර්මික හා ගොවි අභියෝග තුන් ආකාරයක් ගනී.
9. පළමුවැන්න, ගොවි හෝ පූර්ව-ධනේශ්වර හෝ ධනේශ්වර නොවන හෝ වැඩවසම් සමාජ ක්‍රමයන්හි සිට ධනේශ්වර සමාජ ක්‍රමයක් (අතිරික්තය බිහිකරන කෘෂිකර්මයක්) කරා කෙරෙන පරිවර්තනය කිරීමේ අභියෝගය යි. එය මෙරට කෘෂිකර්මාන්ත පරිවර්තනයේ ප්‍රාථමික අභියෝගය වන්නේය.
10. දෙවැනි ප්‍රශ්නය නම්, මෙරට තුළ එසේ අතිරික්තයක් බිහි කලළ හැකිද යන්නයි. එසේම එවැනි අතිරික්තයක් සඳහා ගොවි ජනතාව යොමු කරන්නේ කෙසේද යන්නද රට හමුවේ ඇති ප්‍රධාන ප්‍රශ්නයකි.
11. මෙරට කෘෂිකර්මාන්තය එසේ අතිරික්තයක් ජනනය කරන අවස්ථාවක දී එසේ ජනනය වන අතිරික්තය ආර්ථිකයේ ව්‍යූහාත්මක වෙනසක් වෙත යොමු කරන්නේ කුමන ක්‍රියාවලියක් හරහා ද? එහි දී ගොවි ජනතාවගේ භූමිකාව කුමක් විය හැකිද යන්න හා සාධාරණත්වය හා යුක්තිය ලබා දෙන්නේ කෙසේද යන්න තුන්වෙනි ප්‍රශ්නයයි.
12. ඒ අනුව කෘෂිකාර්මික හා ගොවි ප්‍රශ්නයේ පැතිකඩ හතරකි. (1). ඉඩම් ප්‍රශ්නය; (2). කෘෂි නිෂ්පාදකයින්ගේ එනම් ගොවීන්ගේ ප්‍රශ්නය; (3). කෘෂිකර්මය පිළිබඳ ප්‍රශ්නය හෙවත් තාක්ෂණය, ඉඩම්, සහ ජල පරිහරණය පිළිබඳ ප්‍රශ්නය; සහ (4). සමාජ ප්‍රශ්නය හෙවත් ග්‍රාමීය පන්ති සබඳතා ආශ්‍රිත ප්‍රශ්නය එම පැතිකඩ හතරය.
13. කෘෂිකාර්මික ප්‍රශ්නය විසඳා ගැනීමේදී සලකා බැලිය යුතු ඉලක්ක තුනක් වන්නේය.
i. රටේ ආහාර සුරක්ෂිතාව පදනම් කොටගෙන කෘෂිකාර්මික ක්‍රියාවලිය ගොඩනැගීමේදී ඒ තුළ පවතින සඵලභාවය ඉහල නැංවීම,
ii. ලාභය පදනම් කරගත් විසඳුම: කෘෂිකර්මයේදී ඇති නිෂ්පාදන ක්‍රියාවලිය අතිරික්ත වටිනාකම් ජනනය කිරීම අරමුණු කරගෙන බිහි කිරීම.
iii. සුළුගොවි විසඳුම්: වැඩවසම් ඉඩම් /රාජ්‍ය ඉඩමක භුක්ති කරුවකු වීම පදනම් කරගත් බුක්ති ක්‍රමය අහෝසි කොට සුළු ගොවි නිෂ්පාදන ක්‍රමයක් බිහි වීම මගින් වෙළෙඳපොළ අරමුණු කරගත් සුළු ගොවි නිෂ්පාදන ක්‍රමයක් ඇති කිරීම.
ශ්‍රීලංකාවට අවැසි කෘෂි මාදිලිය සොයා ගැනීම හා ඒ සඳහා ලබාගත හැකි ගෝලීය ආභාශයන්:
ශ්‍රීලංකාවට උචිත කෘෂිකාර්මික මාදිලිය තෝරා ගැනීම දාර්ශනික තලයක සිදුවියුතු කරුණක් වන්නේය. ඒ සඳහා ලෝකයේ කෘෂිකාර්මික මාදිලි/පද්ධති පරිණාමයට ලක්වුයේ කෙසේද යන්න අවශ්‍යයෙන්ම සොයා බැලිය යුතුව තිබේ. අවාසනාවකට මෙවැන්නක් කෙරෙහි අපගේ අවදානය මෙතෙක් යොමුවී ඇත්තේ ඉතා අල්ප වශයෙනි.
ලෝක ඉතිහාසය තුළ කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලිය බිහිවීමේ ඉතිහාසය දෙස බැලූ කළ අපට ඓතිහාසික උදාහරණ තුනක පහස ලැබිය හැකිව තිබේ. එනම් එංගලන්තයේ කෘෂිකාර්මික පරිවර්තනය. පෘසියාවේ කෘෂිකාර්මික පරිවර්තනය සහ ප්‍රංශයේ කෘෂිකාර්මික පරිවර්තනය යි. මේ අතරින් පැහැදිලි අතිරික්තය බිහිකිරීම අරමුණින් සිදුවු පරිවර්තනය සිදුවූයේ වූයේ එංගලන්තයේ සහ පෘසියාවේ ය. මෙයින් පළමුවැන්නේ එම පරිවර්තනය විප්ලවකාරී ලෙස සිදු වූ අතර දෙවැන්නේ එය කෙරුණේ ප්‍රතිගාමී ආකාරයටය. එනම් වැඩවසම් රදළයන් තම විශාල ඉඩම් ඒවායේ සේවය කළ ප්‍රවේණිදාසයන් යොදාගනිමින් ධනේශ්වර වෙළඳපොල සහ ලාභය ගැනීම අරමුණු කරගෙන නිෂ්පාදනය කිරීම ය. මෙම වර්ධනය “දෙවෙනි ප්‍රවේණිදාස ක්‍රමය (Second Serfdom)” ලෙස ආර්ථික ඉතිහාසඥයෝ හඳුන්වති.
මෙවැනි වැඩ වෙනස්කම් පැවතුණ ද අවස්ථා දෙකේදීම ග්‍රාමීය සමාජයේ පැහැදිලි පන්ති බෙදීම් වර්ධනය වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන පරිමාවේ ක්‍රමික වැඩිවීමක්, නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිශ්චිත ශ්‍රම විභජනයක් සහ ඵලදායීතාවය ඉහළ නැංවීමේ තාක්ෂණ යොදා ගැනීමත් සිදු වන බව කෘෂි ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි. මෙම වෙනස අප විසින්ද දිනා ගත යුතු කෘෂිකර්මය සහ කර්මාන්ත අතර ශ්‍රම ක්‍රියාවලියේ වෙනසය. මෙම වෙනස හේතු හේතූන් ගණනාවක් නිසා ඇතිවේ. කෘෂිකර්මය, කර්මාන්ත වලට වඩා ස්වභාවික ව්‍යසනයන්ට ලක් විය හැකි හෙයින් එය අත්‍යන්තයෙන්ම වඩා අවදානම් සහිත නිෂ්පාදන අංශයකි. අනෙක් අතින් කෘෂිකර්මයේ ශ්‍රම කාලය සහ නිෂ්පාදන කාලය අතර වෙනසක් පවතින්නේය. සතුන් සහ පැළෑටි වැඩීමට යන කාලය මෙහිදී තීරණාත්මක සාධකයක් වන්නේය.
එංගලන්තයේ සහ පෲසියාවේ ඇති වූ කෘෂිකාර්මික පරිවර්තනයට වෙනස් ආකාරයකින් ප්‍රංශයේ කෘෂිකාර්මික පරිවර්තනය ඇතිවූයේය. වැඩවසම් ක්‍රමය බිඳ වැටීමත් සමග එහි ධනේශ්වර ගොවි ව්‍යවසායක පන්තියක් සහ කෘෂි කම්කරු පන්තියක් ඇති වනු වෙනුවට සුළු කෘෂි නිෂ්පාදක පන්තියක් ප්‍රංශය තුළ බිහි විය. එම නිසා ප්‍රංශ ගොවි ජනතාව නිදහස පමණක් නොව ඉඩම් ද දිනා ගැනීමට තරම් ශක්තිමත් වූහ.
කෘෂිකාර්මික පරිවර්තනය ගැන ඉහත දැක්වූ දැක්වූ වර්ගීකරණයට තවත් එකතුවක් ඇති කළේය. එය හැඳින්විය හැක්කේ ඇමරිකානු මාවත හැටියටය. පවුල් ගොවිපලවල් ලෙස සංවිධානය වූ සුළු පරිමාණ නිෂ්පාදකයන්ගේ ක්‍රමයක සිට ක්‍රමික විභේදනයක් හරහා ධනේශ්වර කෘෂිකර්මාන්තයක් කරා අමරිකානු කෘෂිකර්මානතය පරිවර්තනය විය. මෙම කෘෂිකාර්මික පරිවර්තනය වඩා යහපත් ධනේශ්වර කෘෂිකාර්මික පරිවර්තනයක් ලෙස හඳුනාගෙන තිබු අතර ලෙනින් පවා එම මාවත එකල රුසියාව සම්බන්ධයෙන් ද සුදුසු මාවතක් ලෙස දුටුවේ ය – බලන්න ලෙනින්ගේ New Economic Program (NEP).
ඉහත කී වර්ගීකරණයට අමතරව ටෙරී බයර්ස් නමැති ආර්ථික විද්‍යාඥයා මෙම සාකච්ඡාව වඩාත් වඩාත් පුළුල් පරාසයකට ගෙන ගොස් තිබේ. ඔහු කෘෂිකාර්මික පරිවර්තන මාවත් හයක් පෙන්වා දෙයි. එම මාවත් හය මෙසේය. (1). එංගලන්ත මාවත; (2). පෲසියා මාවත; (3). ඇමෙරිකා මාවත (4). ප්‍රංශ මාවත (5) ජපාන මාවත; සහ (6). දකුණු කොරියානු / තායිවාන් මාවත යන ලෙසටය.
ශ්‍රීලංකික කෘෂිකර්මයේ සුසමාදර්ශී වෙනසක් සිදු කිරීමට යමෙකු උත්සාහ දරන්නේ නම් ඉහත ගෝලීය කෘෂි මාදිලි පිලිබඳ ගැඹුරු අධ්‍යනයකින් තොරව එවන් වෙනසක් අප රටට හඳුන්වාදීම අසීරු උත්සාහයක් වනු ඇත. එකී අර්ථයෙන් එය දාර්ශනික උත්සාහයක් වන්නේය. එකී උත්සාහය තුළ අප පහදා ගත යුතු සත්‍යයය වන්නේ පවතින නිශ්පාදන මාදිලියේ හා නිශ්පාදන සාධකයන්ගේ හරයාත්මක වෙනසක් සිදු නොකොට කෘෂිකර්මය පිළිබඳ ප්‍රශ්නය හෙවත් තාක්ෂණය ඉඩම් පොහොර සහ ජල පරිහරණය පිළිබඳ ප්‍රශ්නය විසඳීම පමණක් මගින් ලංකාවේ පවතින අවිධිමත් කෘෂි ආර්ථිකය ඉදිරිගාමී පරිවර්තනයකට ලක්කල නොහැකිවන බවය. එසේම මෙහි ප්‍රතිලෝමයද එලෙසටම සත්‍ය වන්නේය. එනම් පවතින කෘෂි මාදිලිය හා ඒහා බැඳුණු නිශ්පාදන සාධක පරිණාමයට ලක් කිරීමට නම් පවතින කෘෂිකාර්මික ප්‍රවිශ්ඨයේද වෙනසකට ලක්විය යුතු බවය.
ලංකාවේ කෘෂිකර්මය පිළිබඳ ප්‍රශ්නය හෙවත් තාක්ෂණය ඉඩම් පොහොර සහ ජල පරිහරණය පිළිබඳ ප්‍රශ්නය විසඳාගැනීම සඳහා වන ප්‍රවිශ්ඨයන්:
මේ සඳහා යොදාගත හැකි විද්‍යාත්මක සංකල්ප රාශියකි. ඒ අතරින් පහත දැක්වෙන සංකල්පය සංවාදයට සුදුසු වන්නකි.
1. විස්තාරණ අන්තය (extensive margin) පුලුල් කිරීම. මෙයින් සාකච්ඡා කරන්නේ නිශ්පාදන සාධක වන ඉඩම් භාවිතය, ශ්‍රමය හා ආයෝජනය (ප්‍රාග්ධනය) ප්‍රසාරණය කරන්නේ කෙසේද යන්නයි.
2. සූකෂ්මතා අන්තය (intensive margin) පුලුල් කිරීම. මෙයින් සාකච්ඡා කරන්නේ පවතින සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව භාවිතා කරන්නේ කෙසේද, ඉහළ නිෂ්පාදන ධාරිතාවයෙන් යුතු භෝග හඳුනා ගැනීම; ජෛව කෘෂි කර්මානතය, පොහොර භාවිතය හා පලිබෝධ නාශනය,භෝග විවිධාංගීකරණය, ජලය කාර්යක්ෂමව භාවිතා කිරිම සිදු කරන්නේ කෙසේද ආදි යෙදවුම් පිළිබඳවයි.
3. ප්‍රචලිත කිරීම. (diffusion) මෙයින් සාකච්ඡා කරන්නේ කෘෂි උපදේශන සේවා මගින් නවීන කෘෂි තාක්ෂණය පරිධියේ සිටින ගොවියාට ලබාදෙන්නේ කෙසේද යන්නයි.
4. වැඩි ආදායම් සහිත යෙදවුම් (High pay off inputs) – එනම්, බීජ, රසායනික භාවිතය (පොහොර හා පලිබෝධ නාශක) හා දියුණු වාරි පද්ධිති භාවිතා කරන්නේ කෙසේද යන්නයි.
5. ප්‍රේරණ නවෝත්පාදනය (induce innovation) – මේ තුලින් සාකච්ඡා කරන්නේ භෝග නිශ්පාදනයේ දී හිමි වන සාපේක්ෂ පිරිවැය පහළ දමා ගනිමින් නිෂ්පාදනයේ නියැලීම සඳහා නිශ්පාදන සාධකයන් ලාභ දායක ලෙස යොදවා ගැනීමට නවෝත්පාදන භාවිතා කරන්නේ කෙසේද යන්නයි.
6. ගනුදෙනු පිරිවැය සහ සාමූහික ක්‍රියා මගින් නවීකරණය කරන ලද ප්‍රේරණ නවෝත්පාදනය (Induced innovation modified by transaction costs and collective actions) මේ තුලින් සාකච්ඡා කරන්නේ කෘෂි නිෂ්පදන මිල හා බැඳී පවත්නා විවිධ වියදම් (තාක්ෂණික හා ආයතනික) නවෝත්පාදන භාවිතා කොට පහළ දමන්නේ කෙලෙසටද යන්නයි. උදාහරණයකට යම් ඉඩමක් තුල ජීව විද්‍යාත්මක සොයා ගැනීම් මත පදනම්ව බීජ , ශාක වර්ධනය, ඵල) රසායනික, හෝ ජෛව කෘෂි කර්මානතය (පොහොර හා පලිබෝධනාශනය) තුලින්, නවීන ජල කලමනාකරය හරහා දියුණු යන්ත්‍රෝපකරණ භාවිතා කොට නිශ්පාදනයේ යෙදෙන්නේ කෙලෙසටද යන්නත්, නිශ්පාදන ගබඩාකරනයේ දී ප්‍රවාහනයේ දී අනුගමනය කරන අඩු වියදම් තාක්ෂණය කුමක්ද යන්නත්, පාරිභෝගික මිල තීරණය කිරීමේ දියුණු යාන්ත්‍රණ හඳුනා ගැනීමත් ඒ සඳහා සමාජ සාමුහිකත්වය යොදවා ගන්නේ කෙලෙසටද ආදියත්‍ය.
7. රට තුළ කෘෂිකර්මාන්තය තිරසර අන්දමින් පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රමෝපාය (Operational development strategy to sustain agriculture in a country) මේ තුලින් සාකච්ඡා කරන්නේ තිරසර කෘෂිකර්මාන්තයක් පවත්වාගෙන යාම සඳහා අවැසි සානුබල සපයන ප්‍රතිපත්තිමය පරිසරය ගොඩනඟන්නේ කෙලෙසටද යන්නයි. එහි ලා 1) ඉඩම් ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය 2) කෘෂි නිෂ්පාදන ප්‍රවාහන අදාල ප්‍රතිපත්තිය 3) වෙළඳපාළ හා කෘෂි මිල ස්ථායීකරණ ප්‍රතිපත්තිය 4) කෘෂි තොරතුරු සන්නිවේදනය (තාක්ෂණය, මිල හා වෙළඳපොළ) 5) නව යෙදවුම්, ප්‍රාග්ධනය හා ණය 6) නව පර්යේෂණ හා සොයාගැනීම් හා තාක්ෂණය සඳහා කෙරෙන අවධාරණය සහ ආයෝජනය 7) පසු අස්වනු තාක්ෂණය හා ගබඩාකරණය 8) අධ්‍යාපනය, පුහුණු කිරීම හා උපදේශන සේවා 9) මේ සියලු කෂේත්‍ර මත ගොඩ නැගෙන නීති හා රෙගුලාසි පද්ධතිය හා 10) මෙකී සමස්තය ආයතනික පද්ධතියක් (රාජ්‍ය හා පෞද්ගලික) තුළ රඳවාලන්නේ කලෙසටද යන්නත් ප්‍රධාන වන්නේය.
ශ්‍රීලංකාව තුළ කෘෂිකර්මය දියුණු නොවීමට හේතු ඉහත දැක්වු දාර්ශනික ඌනතාවයද, විද්‍යාත්මක මුලෝපායන් උපයෝගීකර නොගැනීම ද, ඊට සානුබල සපයන ප්‍රතිපත්තිමය පරිසරයක් හා දියුණු හා කාර්යක්ෂම ආයතන පද්ධතියක් ගොඩනඟාගැනීමට අපට වු නොහැකියාව ද හැරුණු විට අපගේ කෘෂි කෂේත්‍රයේ පසු බැමට හේතුවක් වී ඇති තවත් ප්‍රධාන සාධකයක් වන්නේ අප සතුව පවතින පසුගාමී ආකල්පය හා එම පසුගාමී ආකල්ප අනවරතව නිශ්පාදනය කරනු ලබන සමාජ ස්වරුපයයි. එසේම එම පසුගාමී ආකල්ප ගොඩනඟන සමාජ දෟෂ්ඨියයි. එකී සාධක වෙනස් කරලීම මෙරට කෘෂි පරිවර්තනයක අත්‍යවශ්‍ය පුර්ව කොන්දේසියක් වන්නේය.
ඉහත ආකාර වු ආකල්ප, සමාජ ස්වරූපය හා සමාජ දෟෂ්ඨිය මගින් මෙතෙක් ගොඩනැගී ඇත සමාජ යතාර්ථයන් හා අභියෝග:
2. ශ්‍රීලංකාව තුළ කෘෂි කර්මාන්තයේ නියැලෙන්නන්ගේ ස්වරුපය වන්නේ ඒ තුළ මහා පරිමාණයේ ඉඩම් හිමි පංතියක් හෝ සංවිධිත කෘෂිකර්මයේ නියැලුණු වෘත්තීමය කෘෂිකාර්මිකයන් පිරිසක් නොමැති වීමයි. ලාංකික කෘෂි ආර්ථික පංතිය සමන්විත වන්නේ කුඩා ඉඩම් හිමියන්ගෙනි. ඔවුන්ගේ බහුතරය නියැලෙන්නේ අවිධිමත් සම්ප්‍රදායික කෘෂිකර්මයකය.
3. ග්‍රාමීය ඉඩම් නොමැති ජනතාවගේ ප්‍රතිශතය අධිකය. ඔවුන් ක්‍රියා කරන්නේ කුඩා ඉඩම් හිමියන්ගේ ආර්ථික ක්‍රියාදාමයට බද්ධ වන කෘෂිකාර්මික කම්කරුවන් ලෙසටය.
4. සාමාන්‍යයෙන් ලෝකය තුළ කෘෂිකර්මාන්තයේ ස්වභාවික ප්‍රගමනය (චල්‍ය නියාමනයක් මත) සිදුවුයේ කුඩා පරිමාණයේ සුළු ගොවි නිෂ්පාදනයේ සිට මහා පරිමාණ ධනේශ්වර කෘෂි කර්මාන්තය දක්වාය. ලංකාව තුළ මෙම ප්‍රගමනයක් දක්නට ලැබුණේම නැත. එම නිසා සුළුගොවි නිෂ්පාදනය වියුක්ත නිෂ්පාදන ක්‍රියාවලියක් ලෙස තවමත් පවතී.
5. බ්‍රිතාන්‍යයන් විසින් මහා පරිමාණ කෘෂිකර්මාන්තය (Plantation) රටට හඳුන්වාදුන්න ද එය ද පැවැතියේ වියුක්ත ලෙස සමාජයට බද්ධ නොවීය. නිදහසින් පසු ද මෙම තත්ත්වය වෙනස් නොවූ අතර, සුළු ගොවිතැන කිසිවිටෙකත් මහා පරිමාණ කෘෂිකර්මාන්තය දක්වා ප්‍රගමනය විය හැකි ඉඟියක් හෝ මේ දක්වා පෙන්වා නැත.
6. සාමන්‍යයෙන් මහා පරිමාණයේ කෘෂිකර්මාන්තයේ නිෂ්පාදන ඒකකයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය, කුඩා පරිමාණ ගොවි නිෂ්පාදන ඒකකයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයට වඩා වැඩි විය යුතු නමුදු, ලංකාවේ දී මෙම ක්ෂේත්‍ර දෙකෙහිම දක්නට ලැබෙන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ ඌනතාවයකි.
7. කුඩා පරිමාණ සුළුගොවි නිෂ්පාදන ඒකකයන් දිගින් දිගටම පැවතීමට ඉඩ තිබෙන්නේ එම ඒකකවල ශක්තිය නිසා නොව කුටුම්භයන්හි දරිද්‍රතාවය නොකඩවා පැවතීම සහ කුටුම්භයන් අධික මහන්සියකින් වැඩ කිරීම නිසාය.
8. කුටුම්භයේ ප්‍රමාණය වැඩිවීම වැනි නිෂ්පාදන ඒකකයේ ප්‍රමාණයට කරනු ලබන බලපෑම ඉහළය. එමගින් ග්‍රාමීය ඉඩම් ප්‍රශ්නය තීව්‍ර කොට තිබේ. අවසානයේදී නිෂ්පාදන පිරිවැයට නිෂ්පාදනය ඒකකයේ කුඩා බව හා එම නිසා ඇතිවන කාර්යක්ෂමතාව අවම බවට පත්කොට තිබේ.
9. කෘෂිකර්මාන්තයේ ධාවක බලය හිමිවන්නේ අදාළ කෘෂිකර්මාන්තය කොතෙක් දුරට නවෝත්පාදනයන් හඳුන්වාදීම හා කාර්මීකරණය වන්නේ ද යන පදනම වුවද ශ්‍රීලංකාවේ කෘෂිකර්මාන්තය එසේ පරිනාමය වී ඇත්තේ මන්දගාමීවය.
10. අවසාන වශයෙන් ගත් කල නිදහසෙන් පසුව කිසිදාක පවතින කෘෂිකර්මාන්තය පරිවර්තනය කිරීම අරබයා රාජ්‍ය මුලෝපායක් අනුගමනය කර නැති නිසා වර්තමානයේදී කෘෂිකර්ම කේෂේත්‍රය නවීකරණය කිරීම බරපතල දේශපාලනික අභියෝගයක් වී තිබේ.
ඉහත දක්වන ලද ආකාරයේ සමස්ත ක්‍රමෝපායක වෙනසක් චිත්‍රණය කිරීමට, එය ක්‍රියාවට නැංවීමටත්, එවන් ප්‍රතිපත්ති රාමුවක් අඛණ්ඩව පවත්වා ගැනීමත් සඳහා සුවිශේෂී නායකත්වයක් අවශ්‍ය වේ. සංවර්ධනයට සානුබල සැපයීම යනු, රාජ්‍ය, ව්‍යාපාරික සහ පෞද්ගලික යන අංශ තුන අතර සුසංයෝගයක් පවත්වා ගනිමින් එය අභිවෘද්ධිය කර මෙහෙයවීමයි.
පොහොර නොමැති තත්ත්වය
පොහොර නොමැති වුවහොත් වී ඇස්වැන්‍ය 40% කින් ද, තේ අස්වැන්‍ය 50% කින්ද, කුරුඳු අස්වැන් 50% කින් ද, පොල් අස්වැන්‍ය 30% කින් ද, රබර් අස්වැන්‍න 30% කින් ද, එළවළු අස්වැන්‍න 60-70% කින් ද, උක් අස්වැන්‍න 40% කින් ද අඩුවනු ඇත.එක්තරා ගණන් බැලීමකට අනුව (ගාමිණී රත්නායක) වී වගාවෙන්න් රුපියල් බිලියන 156 ක පාඩුවක් ද, අපනයන ආදායටමන් රුපියල් බිලියය 200 ක් (එනම් ඩොලර් බිලියයයක) පාඩුවක් ද ලැබීමට ඉඩ ඇත.
මෙයින් පෙනී යන්නේ ගෙවතු වගාව හෝ වන වගාව මෙන් කෘෂි කර්මාන්තය පොහොර නැතිව සිදුකළහොත් අප අසීරුවෙන් ළගාකරගත් ආහාර සුරක්ෂිතතාවය බිඳවැටීමටත්, Ceylon Tea සන්‍නාමය බිඳ වැටී චීයය, ඉන්දියාව, කෙන්යාව ආදී රටවලට තේ අධිකාරය හිමිවීමත් ය. අස්වනු අඩුවීම නිසා ධාන්‍ය, එළවළු, පළතුරු මිළ ඉහල යෑමත්, ආදායම් අඩුවීම නිසා ගොවීන් විරැකියා ගොඩට එකතුවීමත් සිදු වේ. එමෙන්ම ආහාර ආනයනය කරන්නට සිදුවීමෙන් අතිවිශාල විදේශ මුදල් ප්‍රමාණයක් රටට අහිමිවනු ඇත. පොහොර ගෙන එම නතර කරේ කාබනික ගොවිතැන සදහා නොව ඩොලර් ඉතුරු කරගැනීමේ ප්‍රථමික වුවමනාව මතය. පොහොර නොමැති වුවහොත් ඉතුරු කරගන්නා ඩොලර් මිලියන 250 මෙන් කිහිප ගුණයක් ආහාර ආනයනය සඳහා ආනයනය කිරීමට සිදුවනු ඇත.
කාබනික ගොවිතැන
ලෝකයේ කෘෂිකර්මාන්තය සඳහා යොදාගන්නා බිම්වලින් 1.5% ක් පමණ කාබනික ද්‍රව්‍ය උපයෝගී කරගන්නා බව වාර්තා වේ. එයින්ද ප්‍රධාන වන්නේ ගව පට්ටි ආශ්‍රිත තෘණ වගාවය. ලෝකයේ 10% ට වැඩියෙන් සිය පොහොර අවශ්‍යතා කාබනික ද්‍රව්‍ය වලින් සකසා ගන්නා රටවල් ඇත්තේ 16 ක් පමණ වන බවට ද වාර්තාවේ. කාබනික පොහොර මඟින් සහමුලින්ම අපගේ කෘෂි කර්මාන්තය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත (මස්, බිත්තර, කිරි නිපදවීම සඳහා අවශ්‍ය ආහාර) සිදුකිරීමට ගියහොත් එල්ලවන අභියෝගය මේ ලෙසය.
1. ආසන්නයෙන් රසායනික පොහොර වලින් ලබාගන්නා මූලද්‍රව්‍ය ලබාගැනීම සඳහා රසායනික පොහොර අවශ්‍යතාවය මෙන් 20-25 ගුණයක් පමණ කාබනික පොහොර අවශ්‍යවේ. මේ සඳහාවන වියදම, අවශ්‍ය ඉඩම් හා ශ්‍රමය, ගබඩා සපයාගත හැකිද යන්න මෙන්ම එයින් ඇතිවනපසුකාලීන බලපෑම් පිලිබඳව ඇති අභියෝග වර්තමාන තත්ත්වය තුළ ජයගත හැකි තත්ත්වයක්නොවේ.
2. කෘෂිකර්ම දෙපර්තමනේතුවේ නිල සංඛ්‍යා ලේඛණ ගතටහාත් රටට අවශ්‍ය රසායනික පොහොර ප්‍රමාණය ටොන් මිලියන 1.26 කි. එනම් කාබනික පොහොර ටොන් මිලියන 25-31 අතර ප්‍රමාණයකි. දැනට ශ්‍රීලංකාව තුළ දිනකට නිෂ්පාදනය කරන කොම්පෝස්ට් ප්‍රමාණය (නාගරික කසල හා වෙනත්) ටොන් 150 ක් නොහොත් වසරකට ටොන් 55,000 කි. මෙය උපරිම ලෙස ටොන් 100,000 ක් දක්වා වැඩිකළ හැක. යමුත් අවශ්‍ය කොම්පෝස්ට් ප්‍රමාණය ටොන් ලක්ෂ 250-300 සීමාවේ පවතී. මේ අනුව කාබනික පොහොර සඳහා අමුද්‍රව්‍ය ලබාගැනීම ළගාකරගත නොහැකි ඉලක්කයකි.
වී වගාව ගතහොත්,
වී වගාව හෙක්ටයාරයකට අස්වැන්න සමඟ නයිට්‍රජන් 100kg, පොටෑසියම් 106kg, පොස්පරස් 18kg ඉවත්වන බව කෘෂි පර්යේෂකයින් පෙන්වා දී ඇත. මේ අනුව 2% නයිට්‍රජන් අඩංගු කොම්පෝස්ට් පොහොර 50,000 kg පමණ හෙක්ටයාරයකට අවශය වනු ඇත.
තේ වගාව ගතහොත්,
ප්‍රයෝගික තේ වගාකරුවන්ට අනුව හෙක්ටයාරයකට තේ ගස් 12,000 ක් පමණ තිබෙනා අතර ඒ සඳහාදැයට අකාබනික – රසායනික පොහොර 1,000 Kg පමණ අවස්ථා 03 කදී වසරක් සඳහා යෙදවේ. මේසඳහා ආසන්නයෙන් වැයවන වියදම රුපියල් 30,000 කි. කාබනික පොහොර ගතහොත් එක් ගසකට කිලෝ ග්‍රෑම් 02 බැගින් හෙක්ටයාරයකට අවශය ප්‍රමාණය 24,000 Kg පමණ වය අතර කාබනික පොහොර මිල (කි.ග්‍රෑම්. රු.08), ප්‍රවාහනය හා යෙදවුම් ශ්‍රම ගාස්තුව සමග ගත්කල එය රුපියල් 20 ක් පමණ වන නිසා හෙක්ටයාරයකට වැයවය මුදල 480,000 ක්ෂ පමණ වනු ඇත. දැයට වසුන් ලෙස තේ වගාවට භාවිතා කරන ගිනි සීරියා කිලෝ ග්‍රෑම් 50 ක් එක් නයිට්‍රජන් කිලෝවක් සඳහා අවශ්‍යවන අතර සෑම තේ කිලෝ 10 කටම එක් නයිට්‍රජන් කිලෝවක් අවශ්‍ය වේ. ඒ අනුව තේ හෙක්ටයාරයකින් කිලෝ 2,000 ක වාර්ෂික අස්වැන්නක් සඳහා ගිනිසීරියා කිලෝග්‍රෑම් 10,000 ක් පමණ වර්ෂයකට අවශ්‍ය වේ. ඒ සඳහා අවශ්‍ය ශ්‍රමය හා අමුද්‍රවය සපයාගැනීම මේ තත්ත්වය තුළ පහසු කරුණක් නොවේ. සිලෝන් ටී යනු අපගේ ජාත්‍යන්තරව ඇති වැදගත්ම සන්නාමය වන අතර අපගේ තේ කිලෝවක් ආසන්නයෙන් ඩොලර් 5 කට ජාත්‍යන්තරව අලෙවි වන විට අපගේ තරගකරුවන් වන ඉන්දියාව හා කෙන්යා තේ අලෙවිවන්නේ ඩො 2 – 2.5 අතර ගණනකටය.
මේ අනුව සමස්තයක් ලෙස තේ අස්වන්න අඩුවුවවහොත් හා මූලද්‍රව්‍ය හිගවීම නිසා තේ වල රසය, ගුණය, පැහැය අහිමි වුවහොත් යාමය අපට අහිමි වී අපගේ තරගකරුවන් වන චීනය, ඉන්දියාව, කෙන්යාවට එකී වෙළඳපල අත්වීමට ඉඩඇත.
3. රසායනික පොහොර හා කෘෂි රසායන නිශ්චිත ප්‍රමිතියකට අනුව නියාමනය කළ යුතුය. කලක්ශ්‍රීලංකාව යූරියා නිෂ්පාදනය කළ අතර (නැප්තා වලින්) එයනැවත ආරම්භ කළ හැකි අතර පොස්පේට් නිෂ්පාදනය ද සිදුකළ හැක. එමෙන්ම පසට අවශ්‍ය ප්‍රමාණයට පමණක් පොහොර යෙදවීමට ගොවීන්, නිෂ්පාදකයින් යොමුකල යුතුය.
4. පොහොර සහනාධාරය පිළිබඳව විධිමත් අධ්‍යනයක් සිදුකර අත්‍යවශ්‍ය අයට පමණක් එය ලබාදිය යුතුය. පොහොරවල ප්‍රමිතිය බාලවීමටත්, අනවශ්‍ය පොහොර භාවිතයටත් පොහොර නොමිලේ ලබාදීම එක් හේතුවක් වී ඇත.
5. ගොවිද්‍රව්‍ය ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා විවෘත ක්‍රියාවලියක් හා හොඳ යටිතලපහසුකම් නැංවීමත් රටපුරා සිදුකල යුතුය. අධිවේගී මාර්ග ඉදිකිරීමට වැයකරන මුදලින් 1% ක් වැය කළහොත් මෙය සිදුකළ හැකි වන්නේ ය.
6. සහමුලින් කාබනික ගොවිතැනේ නියැලෙන්නන් දිරිමත් කිරීමේ මූල්‍ය ක්‍රියාවලියක් ආරම්භ කලයුතුය. කෘෂි රසායන නියමනයත්, සතුන්ගෙන් වන වගා හානිය වැළැක්වීමටත් ගොවීන් බලාත්මක කිරීම සිදුකල යුතුය. මෙය මෙසේ සිදුනොකළ හොත් දැනටමත් පොහොර හිඟය, බීජ හිඟය, යන්ත්‍ර උපකරණ හා අමතර කොටස් හිඟය නිසා බිඳ වැටෙමින් පවතින ආහාර නිපදවීමේ ආර්ථිකය තව දුරටත් බිඳවැටෙමින් ගොවියා, පාරිභෝගිකයා හා දේශීය ආර්ථිකය යන තුනම එකවර බිඳවැටීමට ඉඩ ඇත. මේ අනුව අපගේ නිර්දේශය වන්නේ, සහමුලින්ම මුළු රටම කාබනික පොහොරට යොමු නොකොට තෝරාගත් ඉඩම් ප්‍රමාණයක් නියමු ව්‍යාපෘතියක් ලෙස පළමුව සිදුකොට ලබාගන්නා අත්දැකීම් වලින් ක්‍රමයෙන් එකී ක්‍රියාවලිය ව්‍යාප්ත කිරීමත්, දැනටමත් පහසුවෙන් ලබාගත හැකි වගා අපද්‍රවය (පිදුරු වැනි) වලින් පසේ ගුණාත්මකභාවය ඉහල නැංවීම ආරම්භ කලයුතු බවත් ය.
කාබනික පොහොර ආසාදන ඇති නොකරයි ද?
ජනප්‍රිය මතය වන්නේ රසායනික පොහොර ලෙඩ රෝග ඇතිකරයි යන මතය ය. මෙය අසත්‍යයක් නොවේ. විශේෂයෙන් රජරට පැතිරගිය වකුගඩු රෝගය තනිකරම කෘෂි රසායන සහ රසායනික පොහොර නිසා ඇති වූවක් නොවුව ද සාධක ගණනාවකින් එකක් වූයේ එයය. එයට ප්‍රධානම හේතු දෙකක් වූයේ ප්‍රමිතියකින් තොර බැර ලෝහ අඩංගු පොහොර යෙදීමත්, පසට අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ලාභයට ලැබෙනා පොහොර යෙදීමත් ය. කාබනික පොහොර නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය මත ඒ මගින් ද ආසාදන ඇතිවිය හැකි බවට වෛද්‍ය විශේෂඥයන් කරුණු පෙන්වා දෙති. ගව, කුකුල්, සූකර මල මුත්‍ර නාගරික කසල අපද්‍රව්‍ය ආදියේ බැර ලෝහ, ප්‍රතිජීවක ඖෂධ හා වෙනත් රසායනික ඇති අතර ඒවා කාබනික පොහොර හරහා ආහාර දාමයට එක්වීමට ඉඩක් පවතී. අනෙක් අතින් කාබනික පොහොර යනු ක්ෂුද්‍ර ජීවීන්, බැක්ටීරියා, දිලීර, වෛරස් ආදී ප්‍රභේද වලින් සමන්විත ක්‍රියාවලියකි. විශේෂයෙන් ආණ්ඩුව සිදුකිරීමට යන ලෙස ආගන්තුක රටකින් මේවා ආනයනය කරයි නම්, දැනට රටේ නැති ලෙඩ , ආක්‍රමණික ශාක ආදිය රට තුළටඇතුළුවීමට එමඟින් ඉඩකඩ ලැබේ. නීතිමය ලෙස ඒවා අවහිර කර ඇත්තේ ඒ නිසාය. ඒ නිසා කාබනික පොහොර නිෂ්පාදනය කලයුත්තේ රට තුළමය.
කලයුත්තේ කුමක් ද ?
කාබනික පොහොර විසින් දැනටමත් සෝදා පාළුවට, සූරාකෑමට ලක්ව ඇති පස කාබනික ද්‍රව්‍ය වලින්පෝෂණය වී ජල සංරක්ෂණය, පාංශු සංරක්ෂණය සිදුවන බව සත්‍යයකි. එහෙයින් ආරම්භයක් ලෙස කලයුත්තේ වසුන් ලෙස පිදුරු, ගිනිසීරියා ආදිය යොදා ඒවා දිරායෑමට අවශ්‍ය රසායන හා ජලය යොදාවල් නාශකයක් ලෙස ක්‍රියාත්මක කිරීමට සියලු ගොවීන් යොදා ගැනීමය. දෙවනුව නිවැරදි ඵලදායීතාවය සහිත බීජ නිෂ්පාදනය හා ආනයනය කිරීමත් ඒ අනුව නිශ්චිත සැලසුමකට අනුව වගාබිම් වාර්ෂිකව යොදා ගැනීමත් සිදුකළ යුතුය.