එළඹෙන නොවැම්බර් 14 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු උතුරු නැගෙනහිර පොදු ජනයා දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දෙමින් සිටින ගැටලු විසදීම නව පාලනය යටතේ ඉටු කළ යුතු තවත් ප්‍රධාන වගකීමක බවට පත්වී ඇත. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ උතුරු නැගෙනහිර ජනයා තුළ එම අපේක්ෂා ක්‍රමයෙන් වර්ධනය වූ අයුරු දක්නට ලැබිණි. විශේෂයෙන් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයෙහි අවසාන දින කිහිපය තුළ උතුරු නැගෙනහිර පිළිබඳ නිරීක්ෂකයන් වැඩි දෙනකුගේ මතය වූවේ “මෙතෙක් දකුණේ පැවති පාලනයන්ට සාපේක්ෂව පවතින පාලනය පිළිබඳ උතුරු නැගෙනහිර ජනයා තුළ සාපේක්ෂ ධනාත්මක හැගීමක් පවතින ” බවය. ” වසා තිබූ මාර්ග විවෘත කිරීමත්, එම විවෘත කිරීමේ අවස්ථාවන්හි දී දේශපාලන ප්‍රචාරක වාසි ලබා ගැනීමේ උත්සාහයන් අවම වීමත් ඊට බල පෑ හේතුවක්” වූ බව එක් නිරීක්ෂකයෙක් පැවසීය. අවසාන දින කිහිපයේ වව්නියාව හා යාපනය ප්‍රදේශ වල පැවති මහජන රැස්වීම් ඉහළ ඡන සහභාගිත්වයකින් යුක්ත වූ අතර ප්‍රදේශයේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ ද එයින් කළබල වූ බවක් පෙනෙන්නට තිබිණි. බස්රථ මගින් සෙනග ඇදීමේ චෝදනාවක් පවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් වෙතින් එල්ල විය. කෙසේ වෙතත්, වව්නියාවේ පැවති ප්‍රචාරක රැස්වීම අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පොදු ජනයාගේ ප්‍රශ්න විසදීම පිළිබඳ තම ස්ථාවරය පැහැදිලි කළේය.
විවිධ ආරක්ෂක හේතූන් මත උතුරේ ජනතාව ගෙන් රජයට පවරාලෙන ඇති ඉඩම් යළි එම ජනතාව වෙත පවරා දීම ඔහු එහිදී අවධාරණය කළ ප්‍රධාන කරුණකි. ඵ් හැරුණු විට එම ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළු කිහිපයක් කෙරෙහි ම ඔහු ඵහිදී අවධානය යොමු කර තිබිණි.
“ඉඩම් ප්‍රශ්නය විසදීම හැරුණු විට, නීතිපතිවරයාගේ උපදෙස් මත දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සදහා පියවර ගන්නත් අපි සූදානම් .ඒ වගේම උතුරේ ධීවර ජනයාගේ අයිතිය අපි ආරක්ෂා කළේ නැත්නම්, දකුණේ ආණ්ඩුව ඔවුන් ගැන අවධානයක් නැතැයි ඔවුන් සිතනවා. ඵ් නිසා අපි ඒ ආරක්ෂාව තහවුරු කරනවා.” මෙම ප්‍රකාශයෙහි වැදගත් කම වන්නේ උතුරු නැගෙනහිර ජනයාගේ මූලික ප්‍රශ්න සියල්ල ඵමගින් විසදෙනු ඇතැයි අපේක්ෂා නළ හැකි නිසා නොවේ. පැහැදිලිවම ප්‍රශ්නය ඉන් ඔබ්බට විහිදේ. කොටින්ම, එම ප්‍රජාවගේ අපේක්ෂාවන් මේ කියන සීමාවෙන් ගැඹුරෙහි තිබෙන බව පැහැදිලි කරුණකි. ඵහෙත් එම අපේක්ෂාවන් ඉටු කිරීමට හෝ ඒ පිළිබඳ සංවාදයක් ඇරඹීමට ප්‍රවේශයක් ලෙස මෙම ගැටලු විසදීම යහපත් පියවරකි. “උතුරේ ධීවර අයිතිය අපි ආරක්ෂා කළේ නැත්නම් , දකුණේ ආණ්ඩුව ඔවුන් ගැන උනන්දුවක් දක්වන්නේ නැතැයි ඔවුන් සිතනවා.” යනුවෙන් ජනාධිපතිවරයා කරන ප්‍රකාශයෙහි වැදගත්කම ඇත්තේ ඵතැනයි. මේ මොහොතේ එම විශ්වාසය දිනා ගැනීම වැදගත් වන අතරම , වඩා වැදගත් වන්නේ ඉන් නොනැවතී මෙම ප්‍රජාවගේ ගැඹුරු සමාඡ දේශපාලන සංවාදයට ප්‍රවේශ වීමය.එමගින් ඔවුන් ගේ ගැටළුවට අදාළ තිරසාර විසදුම් හදුනා ගැනීමය.
ඒ හැර තිරසර විසදුමකට යාමේදී තැබිය යුතු තවත් නිශ්චිත පියවර ගණනාවක් මේ වන විට හදුනාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති වරයා ද යම් ක්‍රියාමාර්ග ගනිමින් සිටි අතර ඒ කෙරෙහි ද අවධානය යොමු කිරීම මෙහිදී ප්‍රයෝජනවත් ය. එය එලෙසම අනුගමනය කිරීම සදහා නොවුනද එමගින් ඉදිරි ක්‍රියාවලියට යම් ආලෝකයක් ලබා ගත හැකි බැවිණි. ‘සංහිඳියාව සදහා වන ක්‍රියාකාරී සැලැස්ම’ එහිලා මුලික ව්ය. පසුගිය ජූනි 08 වැනිදා ඊට අදාළව ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවේදී එහි ඉදිරි ගමන් මග සාකච්ජා විය. නීති සම්පාදනය, ආයතනික ක්‍රියාකාරකම්, ඉඩම් ගැටලු, සිරකරුවන් නිදහස් කිරීම, බලය විමධ්‍යගත කිරීම,යන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපය ඔස්සේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් වල ප්‍රගතිය එහිදී සමාලෝචනයට බදුන් කෙරුණි. මේ සියල්ල ඉදිරියේදී කිසිවකුට මග හැර යා නොහැකි තේමාවන්ය. සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම (TRC) ක්‍රියාත්මක කිරීම, ජාතික ඉඩම් සභාවක් පිහිටුවීම ,සහ ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම,අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සක්‍රීය කරමින් එහි ඩිජිටල් කටයුතු අවසන් කිරීම, මේ දක්වා තොරතුරු අනාවරණය කරගත නොහැකි වූවන් සදහා නොපැමිණීමේ සහතික නිකුත් කිරීම,වන්දි ගෙවීමේ කාර්යාලයක් සහ ජාතික සමගිය සදහා වූ කාර්යාලයක් ස්ථාපිත කිරීමත් මේ වන විට සම්පූර්ණ කළ යුතුව තිබෙන පියවරයන්ය.
නව ජනාධිපතිවරයා ඇතුළු ඵම පාලනයේ ප්‍රකාශකයන් ප්‍රසිද්ධ වේදිකාවේ පළ කරන අදහස් බොහෝ විට ජාතික සමගිය ප්‍රවර්ධනය කරන බව පෙන්වන, නමුත් එසේම ජනප්‍රියවාදී අදහස්ය. නිශ්චිත කරුණු සම්බන්ධයෙන් නිශ්චිත අදහස් දැක්වීමක් කර නැති තරම්ය. එබැවින් බලය විමධ්‍යගත කිරීම (එහි ස්වභාවය ) සම්බන්ධයෙන් හෝ ඉහත සදහන් නිශ්චිත කරුණු සම්බන්ධයෙන් හෝ ඔවුන් ගේ සැබෑ හැසිරීම හා ප්‍රතිචාර කෙසේ වේ දැයි දකින්නට ලැබෙන්නේ සැප්තැම්බර් 14 වැනිදා ඔවුනට ලැබෙන බලයේ ප්‍රමාණය අනුව විය හැකිය. සුලබව අනුමාන කෙරෙන පරිදි නම් ඔවුනට රටේ පාලන බලය හිමිවනු ඇත. එවිට ඔවුන්ගේ පක්ෂය හැරුණු විට ‘විසඳුම’ කෙරෙහි තීරණාත්මක සාධකය විය හැක්කේ බාහිර බලපෑම්කරණයන්හි ස්වභාවයයි.