පුළුල් ආර්ථික සංවාදයක් ‍සල්ලි අච්චුවක හිර කළ හැටි..

ආණ්ඩුව රුපියල් බිලියන 100 ක් වටිනා මුදල් අච්චු ගසා ඇතැයි“පසු ගිය දිනක (ඔක්:28) පැතිර ගිය පුවත සම්බන්ධයෙන් මහ බැංකුවේ ස්ථාවරය පළමු දිනය තුළ ප්‍රකාශයට පත් වූවේ නැත. ඒ පිළිබඳ විමසූ විට “කරුණු පැහැදිලි කරන විධිමත් ප්‍රකාශනයක් ඉදිරියේදී නිකුත් කරනවා.” යනු ඔවුන් ගේ ප්‍රතිචාරය විය. ඵ් ප්‍රකාශය නිකුත් වූවේ ඊට පසු දා ඵනම්‍, ඊයේ (ඔක් 29) සවසය. ඊට පෙර ඵදිනම  උදේ වරුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි. එහිදී සාකච්ජාවට ගනු ලැබූ ප්‍රධාන කරුණු අතර “මුදල් අච්චු ගැසීමේ” කාරණය ද විය.

“ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100 ක් අච්චු ගැසූ බවට පළවෙන වාර්තා පදනම් විරහිත” බව ඇමතිවරයා ගේ ප්‍රකාශය විය. වැඩි දුරටත් ඔහු මෙසේ ද කීවේය. ” අප අලුතෙන් ණය ගෙන ඇති බවත්, මුදල් අච්චු ගසා ඇති බවත් කියන පුවතක් මේ දින වල සමාජ මාධ්‍යයෙහි පළවෙමින් තිබෙනවා. ඇත්ත වශයෙන් කිසිදු ආකාරයක කිසිදු රටකින් කිසිදු ණයක් ලබාගෙන නැති බව කිව යුතුයි. මුදල් අච්චු ගැසීමකුත් කරල නෑ. ඇත්තෙන්ම මුදල් අච්චු ගහන්න බෑ.එහෙම ගැහුවා නම් ඔබට දැක ගන්න පුළුවනි; මුදල් නෝට්ටු වල අනුර ජනපති ගේ අත්සන තිබිය යුතුයි. මුදල් ඇමති ගේ අත්සන තිබිය යුතුයි. දැක්කානම් කියන්න‍, අපිත් ආසයි.”

ඇමතිවරයා ගේ මේ ප්‍රකාශය මාධ්‍යවේදීන් ගේ ප්‍රමාණවත් ‍හා වැඩිදුර ප්‍රශ්න කිරීමක⁣ට ලක් නොවූ බැවින් සාකච්ජාව ඉන් ඔබ්බට නොගියේය. දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්ම “සල්ලි අච්චු ගැසීමේ” කතාව බොරුවක් බවට ජනගත කෙරුණි.

සවස් වන විට මහ බැංකුවේ මාධ්‍ය නිවේදනය ද නිකුත් වූ අතර එමගින් ද මූලික වශයෙන් කියා තිබුණේ ” ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100 ක් මුද්‍රණය කළ බවට පළවෙන වාර්තා පදනම් විරහිත” බවය.

ඒ අතර එය මෙසේ ද කියයි.” විවට වෙළදපළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු කටයුත්තක් වේ. විවට වෙළදපළ කටයුතු සිදු කරනු ලබන්නේ පොලී අනුපාතිකය කළමනාකරණය කිරීම හරහා මිල ස්ථායීව පවත්වා ගැනීම සදහා වන අතර‍, එය හුදු මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝු කො⁣ට දැක්විය නොහැකිය.”

තවත් තැනක එය මෙසේ ද කියයි; “විවට වෙළදපළ කටයුතු යනු බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවයේ ඇති අසමතුලිතතාවක් කළමනාකරණය කිරීම සදහා ප්‍රධාන වශයෙන් කෙටි කාලීනව සිදු කරනු ලබන මෙහෙයුමකි. උදාහරණයක් ලෙස මහ බැංකුව මගින් 2024 වසරේදී මෙම ද්‍රවශීලතාව එක් දින පදනම සහ කෙටි කාලීන පදනම මත (දින7)ලබා දී ඇත. මෙය තාවකාලික පදනමින් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ද ආරක්ෂා කිරීම අරමුණු කරගෙන ආර්ථික යේ පොලී අනුපාතික ඉහළ යාම පාලනයට බැංකු වල⁣ට ලබා දී ඇති පහසුකමක් පමණක් වන අතර, මෙය මුදල් අච්චු ගැසීමක් ලෙස අර්ථ නිරූපනය කිරීම නිවැරදි නොවේ.” ඒ අනුව මහ බැංකුවට  මෙහි ඇත්තේ අර්ථ නිරූපනය පිළිබඳ ගැටලුවක් ලෙස ද පෙනේ. සමහර විට මුදල් අච්චු ගැසීම පිළිබඳ සමාජයේ  ගොඩනැගී ඇති අහිතකර ජනමතය ද  දේශපාලන ප්‍රතිචාර ද  ඊට බලපාන   හේතුවක් විය හැකිය.

 කෙසේ හෝ ඵම අර්ථ දැක්වීම් සහ නාමකරණයන් කෙසේ වෙතත් මෙම ක්‍රියාවලියේ අවසාන  ප්‍රතිඵලය ආර්ථික පද්ධතියට යම් මුදල් ප්‍රමාණයක් එක් වීමය. ආර්ථික විශ්ලේෂකයකු ලෙස ධනනාත් ප්‍රනාන්දු මෙම තත්ත්වය විග්‍රහ කරන්නේ මෙසේය. ” ද්‍රවශීලතාව කළමනාකරණය කිරීම සදහා මෙය සිදු කරන බව මහබැංකුව කියා තිබෙනවා. ඵ් සදහා යම් මුදල් ප්‍රමාණයක් මූල්‍ය පද්ධතියට එකතු කිරීමට මහබැංකුවට සිදුවෙනවා. එවිට එය ඵක්තරා ආකාරයක මුදල් අච්චු ගැසීමකුත් තමයි. තැන්පත් කරුවන්ගෙන් හැර ලබාදෙන ඕනැම මුදලක් අච්චු ගැසූ මුදලක් තමයි.” ඔහු අනතුරු හගවන්නේ ඵහි ප්‍රමාණය ඉක්මවා යාම පිළිබඳවය. “මෙහි අහිතකර ප්‍රතිඵල ලැබෙන්නේ මෙසේ එකතු වන මුදල් ප්‍රමාණය ආර්ථිකයේ ප්‍රමාණය ඉක්මවා ගියහොත් තමයි.”

අවධානය ට ලක්විය යුතු එවැනි කරුණු රැසක් තිබියදී ‍,මේ වන විට පෙනෙන්නට ඇත්තේ, ගැඹුරු කරුණුමය සාකච්ජාවකට ඉඩ නොතබා ක්‍රියාවලියම අදුරේ සගවා තැබීමට ගන්නා උත්සාහකි.

උදාහරණයක් ලෙස ඉහත කියන මහබැංකුවේ ක්‍රියාවලිය ඉතාම තාවකාලික ඵකක් වුවද එමගින් මුදල් සංසරනයේ සිදුවන වැඩි වීම පිළිබද කිසිවකු ගේ ප්‍රශ්න කිරීමක් හෝ අදහස් දැක්වීමක් අසන්නට නෙලැබිණ. ‘අච්චු ගැසීම’ නමින් කෙරෙන වචන හරඹයට ඒ සියලු සංවාද යටපත්ව ඇත.