හිටපු ජනපතිලා – ආයෙත් ඇවිල්ලා..

විනෝද සමයක අසිරිය මවලා…!

ඔක්තෝබරයේ තුන් වැනි සතිය ගෙවී ගියේ රට වැසියන්ට හිටපු ජනාධිපතින් තිදෙනකුගේම අදහස් වලට සවන් දීමේ අවස්ථාව උදා කර දෙමිනි.

 මේ දුර්ලභ අවස්ථාව උදා වූවේ සතිය මැද ( ඔක්:16) කොළඹ පැවති වරලත් ගණකාධිකාරි වරුන්ගේ 45 වැනි ජාතික සමුළුවේදී ය.ඵ් සදහා රනිල් වික්‍රමසිංහ ‍, මෛත්‍රීපාල සිරිසේන  සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක යන මින් පෙර ජනාධිපති ධුර දැරූවන් තිදෙනාම සහභාගි වී සිටියහ.ඵහි පැවති සංවාද කවයකදී ඵ් තිදෙනාම අදහස් දැක් වූ අතර ඵහිදී කාගේත් උණුසුම් ප්‍රතිචාර හිමිකර ගත් කතිකයා වූවේ සිරිසේන ජනාධිපති වරයාය.

” අපි තුන් දෙනාම 2015- 19 කාලෙ ඵකට වැඩ කරපු අය.” බව ඔහු මෙහිදී මුලින්ම කාටත් මතක් කර දුන්නේය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ” උගතුන් හා  වැදගතුන් දේශපාලනයට පැමිණිය යුතු” යැයි පැවසූ විට ඊට ප්‍රතිචාර දක්වමින් සිරිසේන ජනාධිපතිවරයා “හැබැයි ජනාධිපතිනියනි ‍, උගතුනුත් හොරකම් කරනවා ” යැයි පැවසුවේ කාගේත් සිනා හඩ මැදය. ජනාධිපතිනිය ද ඊට සිනා සෙමින් ” ඇහුන් නෑ” යැයි පැවසූ විට සිරිසේන ජනාධිපතිවරයා යළි ඊට ප්‍රතිචාර දැක්වුවේය.

සභාවේ සිනා මැද දිගටම අදහස් දැක් වූ ඔහු “උගතුන් අතරද හොරු සිටින බවත් අමාත්‍යාංශ ලේකම් ගේ හා ගණකාධිකාරි ගේ අනු දැනුමෙන් තොරව ඇමතිවරයාට සොරකම් කළ නොහැකි බව ඔබ දෙදෙනා ද හොදින් දන්නා ” බවත් ඔහු කීවේ හිටපු ජනාධිපතින් දෙදෙනා දෙස  හැරී බලමිනි.

“ඇමති හොරකම් කරන විට‍, මහඑකා ඵහෙම නං අපිත් පොඩ්ඩක් ගහමු යැයි අර දෙන්නාත් හොරකම් කිරීමට පටන් ගන්නා ” බව හිටපු ජනපති සිනාසෙමින් පවසන විට සභාවේ සිටි ගනකාධිකාරි වරුන් ඇතුළු සියල්ලෝ ද මහ හඩින් සිනාසෙන්නට පටන් ගත්තේ සංවාද කවය රස සාගරයක් බවට පත් කරමිනි. වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද ඊට සිනා සෙමින් ප්‍රතිචාර දැක්වූවේ සිනාසෙන අතර හිස ද වනමින්ය.

මේ ලක්දිව හිටපු ජනපතින් තිදෙනකුගේ දුර්ලභ හමුවක් ⁣ජනමාධ්‍යයෙන් අපට වාර්තා කර තිබූ අයුරුය.මීට වැඩි යමක් ඵහි සිදු වී ඵය වාර්තා කෙරුනේ නැති දැයි  අප දන්නේ නැත. වෙන යමක් ඵහි නොවුනේ නම් එය වරදක් ද‍, නැද්දැයි කීමට ද අප දන්නේ නැත.තවත් දේ සිදු වුණත් රටේ හැටියට හරියන්නේ මේ ටික යැයි ජනමාධ්‍ය සිතුවා ද විය හැකිය.  සමහර විට සංවිධායක වරුන්ගේ අරමුණ ම මෙවැනි විනෝදාංගයක් ඉදිරිපත් කිරීම වූවා ද විය හැකිය. එසේ නම් ඔවුන් ඉතා ඉහළින්ම සාර්ථකය.කවුරුත් හොද හැටි සිනාසුන බැවිණි.ඇනස්ලි ‍, බර්ටි ‍, සැමුවෙල්⁣ ගේ විනෝද සමය සිහිගන්වමින් කවුරුත් හොද හැටි සිනාසුනහ. හොඳ standup comedy යකදී මෙන් බඩ අල්ලාගෙන සිනාසුනහ.

ජනපතින් තිදෙනා ද ගනකාධිකාරින් සියල්ලෝ ද ඵකාවන්ව  කොක් හඩලා සිනාසුනහ. හොද ප්‍රහසනයක හැටි ඵසේය.තමන් හිනැහුණේ තමාටම බව වැටහෙන්නේ ටික වෙලාවකිනි.