ගම්මන්පිල විජිත ට කියයි. පාස්කු වාර්තාව සදුදා ඵළියට.
කැබිනට් ප්‍රකාශක හා අමාත්‍ය විඡිත හේරත් කළ අභියෝගය පිළිගනිමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අද (16 දා) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රජය පාස්කු විමර්ශණ වාර්තාව ප්‍රසිද්ධියට පත්කරන්නේ නම් පමණක් එය රජයට භාර දීමට තමන් සූදානම් බවත් , එසේ නොවන්නේ නම් ස්ථිර වශයෙන්ම තමා එළඹෙන සදුදා එය ප්‍රසිද්ධියට පත් කරන බවත්ය.
මෙම පියවර වැලැක්වීම සදහා රාජ්‍යය රහස් පනතේ විධි විධාන යටතේ හෝ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හෝ තමා අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව සොයා බැලීම සදහා ආණ්ඩුවේ ප්‍රධානීන් අතර ඉහළ පෙලේ සාකච්ජාවක් පෙර දා රැයේ සිදුවූ බව තමා දන්නා නමුත් ඒ කිසිවකින් තමා බිය ගැන්විය නොහැකි බවද ඔහු කියා සිටියේය .
“යකාට බයනං සොහොනේ ගෙවල් හදන්නේ නැතැ “යි ද කී ඔහු
“ඇතුළේ සිටින මීයන්ගෙන් ප්‍රවේශයම් වන ලෙස “ආණ්ඩුවට අනතුරු හැගවීමක් ද කළේය. ඔහු එයින් ඉගි කළේ මෙම තොරතුරු පිටවී ඇත්තේ ආණ්ඩුව ඇතුළෙන්ම බවය. “රනිල් ගෙ අතට මේ වාර්තාව ලැබිල මාස තුනක් ගියත් වාර්තාව ඵළියට ගියෙ නෑ. හැබැයි, සති තුනක් ඇතුළත අනුරගෙන් එළියට ගියා .” යැයි ඔහු පැවසීය.