අත්අඩංගුවට ගනීදැයි සැකයක්.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ තම වාර්තාකරණයන් හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් කුමන්ත්‍රණකාරීව තමන් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වැඩබලන පොලිස්පති වරයා වෙත ලිපියක් යවමින්(ඔක්: 10) කියා සිටී.
එම ලිපියට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරෙන පාස්කු ප්‍රහාරයට අදාළ පැමිණිල්ලක් සදහා කරුණු දක්වමින් මෙම උත්සාහය ගෙන ඇන.තම ඉල්ලීමට හේතු දක්වමින් නිලධාරියා පවසා ඇත්තේ මෙම මාධ්‍යවේදියා Medialk නමැති you tube මාධ්‍ය ජාලය මගින් පාස්කු ප්‍රහාරයෙහි විමර්ශණයට බාධාවන ආකාරයේ අසත්‍ය වාර්තාකරණයක නියැලෙන බවය.
ඵම චෝදනා ප්‍රතික්ෂේප කරන මාධ්‍යවේදියා, කුමන්ත්‍රණකාරී ලෙස තමන් අත් අඩංගුවට ගැනීම සදහා වන මේ වෑයම නතර කිරීමට පියවර ගන්නා ලෙස වැඩ බලන පොලිස්පති වරයාගෙන් ඉල්ලා සිටී.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුවේ නම් ඊට ඵරෙහි ක්‍රියාමාර්ග ගැනීමට තම සංවිධානය මැදිහත් වන බව ප්‍රකාශ කර ඇත.
දශක ගණනාවක් තිස්සේ රටෙහි සිදු වූ විවිධ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවී පවතින තත්ත්වයක් යටතේ පාස්කු ප්‍රහාරය ද ඵ් අතරින් යුක්තිය ඉටු නොවී පවතින මෑත කාලීනව වඩාත් ආන්දෝලනයකට ලක්වු සිදුවීමකි.පාස්කු ප්‍රහාරය ඇතුළු අපරාධ වලට වගකිව යුතු අපරාධ කරුවන්ට ඵරෙහිව නීතිය ක්‍රියාත්මක නොවී පවතින (දණ්ඩ මුක්ති/impunity) තත්ත්වය වහා අවසන් කළ යුතුය යන මතය මෑතක සමාඡයෙයහි ප්‍රබලව මතුවිය. ඵවැනි පසුබිමක් තුළ අපරාධකාරී සිදුවීම් පසෙක තිබියදී නීතිය ජනමාධ්‍යවේදීන් හඹා යාම පිළිබඳ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධාන රැසක විරෝධය පළවී ඇත.