IMF සාකච්ජාගැන;
මාධ්‍යවේ : ඇමතිතුමනි,IMF සමග පසුගිය දා සාකච්ජාවක් පැවැත්වුණා. මාධ්‍ය තුළින් වුණත් අපි දැක්කේ මහාචාර්යවරයෙක්
සෙල්ෆි ගහනවා පමණයි.ඵනිසා ඔබ තුමන්ලා ඵහිදී සාකච්ජා කළේ කුමක්දැයි නිසිලෙස ජනගත වූවේ නැහැ. ඵනිසා ඔබ තුමන්ලා එහිදී සාකච්ජා කළේ මොනවාදැයි කියන්න පුළුවන් ද?
අමාත්‍ය ප්‍රකාශය : IMF නියෝජිතයන් ඇවිත් නවරජය ක්‍රියාකරන්නේ කෙසේදැයි සංකල්පනීය සාකච්ජාවක් පමණයි සිදු කළේ.ඵසේ නැතිව ව්‍යුහාත්මක වෙනස්වීම් ගැන සාකච්ජා කර තීරණ ගත්තේ නැහැ. ඵ් පිළිබඳ තීරණ ගන්නේ නිලධාරී මට්ටමේ පැවැත්වෙන සාකච්ජාවකදී.
වෙනත් මාධ්‍යවේදියෙක් : ජාතික ජනබලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණා,විකල්ප ණය තිරසාර විශ්ලේෂණයක් (DSA) පිළිබඳව. ඵ්ක ගැන ව්‍යුහාත්මක සාකච්ජා ඇති කරන බව කියලා.ඵ් විකල්ප විශ්ලේෂණය හදලා ඔබ තුමන්ලා ඉදිරිපත් කරනවාද?
අමාත්‍ය ප්‍රකාශය : අපි තාම ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පිහිටුවල නෑනෙ. ගරු ජනාධිපති තුමා විතරයි පත්වෙලා තියෙන්නෙ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පිහිටුවන්න උදව් කරන්න .ඵ් සදහා සහය දෙන්න.ඵ්කත් ඵක්ක අපි ජනතාවට වැඩි වාසි ලබා දෙන , සහන ලබා දෙන ක්‍රම වේදයකට යනවා.
අපි රජයක් ව්දියට ඵ් ක්‍රමවේදය වෙනස් කළේ නෑ.
විශේෂයෙන් , ISB හෝල්ඩර්ස්ල සම්බන්ධයෙන් අපි තිබුණු
ක්‍රමවේදයම කඩාවැටෙන්නෙ නැතිව ඉදිරියට ගෙනියන්න අපි මැදිහත් වුණා.(ණය හිමියන් සමග තිබූ ක්‍රමවේදය අපි අයින් කළේ නෑ.) මොකද ඵ්ක නතර කරල නැවත හරි වැරැද්ද බලල කරන්න ගියොත් ලොකු කාලයක් යනවා.ආර්ථිකය ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා.
පාස්කු විමර්ශණ ගැන;
මාධ්‍යවේ ; පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාව ඇයි , ඔබ තුමන්ලාත් තවම ජනගත කරන්නේ නැත්තෙ? තවම එය සගවාගෙන ඉන්නේ ඇයි? සැගවිය යුතු පුද්ගලයයෙක් එතැන ඉන්නවාද තවමත්?
අමාත්‍ය ප්‍රකාශය : මේ වාර්තා නැති වුණේ කොහොමද ? එය සිදුවුණේ කෙසේදැයි කියන එකත් අපි සොයා බලනව.අපි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට විශේෂ කමිටුවක් පත් කරල තියෙනව.
ඒ හරහා ජනාධිපති කාර්යාලයේ යම් අක්‍රමිකතාවයක් සිදුවුණා නම් ඒ පිළිබඳවත් කොමිෂන් සභා වාර්තාවල කොහේ හෝ තැනක අතුරුදහන් වීමක් හෝ අඩුපාඩුවක් සිදුවෙලා තියෙනවා නම් ඒ සියල්ලත් ඒ කමිටුව මගින් විමර්ශණයට ලක් කෙරෙනවා.