IMF ඵකගතා වෙනසක් නෑ, වෙනසක් ගැන කතාවකුත් නෑ….
ශ්‍රී ලංකාව , ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇතිකරගත් ඵකගතා ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් අලුත් ආණ්ඩුව සහ IMF නියෝජිතයන් අතර පසුගිය (ඔක්:02)දා ඇරඹුනු සාකච්ජා සාර්ථකත්ව නිමා වූ අතර ඵතෙක් පැවති මූලික ( ණය තිරසරකරණ විශ්ලේෂණ = DSA) ඵකගතා මෙහිදී කිසිදු සංශෝධනයකින් තොරව පිළිගැනීමට ලක් වී ඇත.පසුගිය වික්‍රමසිංහ පාලන යුගයේ ඇති කරගත් මෙම මූලික ඵකගතා මෙහිදී සංශෝධනය නොවූ අතරම ඵවැනි සංශෝධනයක් සදහා ඉල්ලීමක් හෝ විධිමත් යෝජනාවක් හෝ ආණ්ඩුවෙන් ඉදිරිපත් වූවේද නැත. ඵවැනි යෝජනාවක් ඉදිරිපත් වූවේ නම් අවසන් ඵකගතාවකින් තොරව සාකච්ජා ඉදිරියට ගෙන යාමට සිදුවීම හේතුවෙන් රටේ පවතින ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීම තව දුරටත් නව ආණ්ඩුවට අභියෝගයක් වීමට ඉඩ තිබිණි.
කෙසේ වෙනත් , සාකච්ජා පැවැත්වෙන අතර පවා ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර තිබුණේ “ජාත්‍යන්නර මූල්‍ය අරමුදල සමග වන ණය වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පීඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයක් ඔස්සේ ඵම අරමුණු වෙත ළගා වීම ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අරමුණ වී ඇති” බවය.එහෙත් ඒ විකල්ප ක්‍රියාමාර්ග කවරේදැයි මෙතෙක් නිශ්චිතව සදහන්ව නැත. එය නිශ්චිතව පැහැදිලි කිරීම වැදගත් වන්නේ මූල්‍ය අරමුදල (IMF) සමග ඇති කරගත් මූලික එකගතාවයන්ගෙන් (DSA) ඔබ්බට එම විකල්ප ක්‍රියාත්මක ව්ය නොහැකි බැවිණි.
එහෙත් මෙහිදී ආණ්ඩුව මුහුණ දී සිටින දේශපාලන අර්බුදයට විසඳුමක් ලෙස ඔවුනට යළි යළිත් විකල්ප යෝජනා ගැන කතා
කිරීමට සිදු වී තිබේ.එම අර්බුදය නම් ඔවුන් විපක්ෂයෙහි සිටියදී ප්‍රකට කළ ජනප්‍රියවාදී IMF විරෝධයයි. වාචිකව එසේ විකල්ප ගැන කතා කළද ප්‍රායෝගිකව ගත හැකි පියවරක් මෙහිදී ඔවුන් හමුවේ නැත. තිබෙන එකම විසදුම බවට පත්ව ඇත්තේ පසුගිය පාලනය මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකගතාවයයි.
එම එකගතාවයෙහි පදනම වන්නේ; තිරසර ලෙස රටට ගෙවිය හැකි ණය පිළිබඳ විශ්ලේෂණාත්මක එකගතාවය යි . (ණය තිරසරකරණ විශ්ලේෂණය /Debt Sustainability Analysis /DSA).පසුගිය ආණ්ඩුව ඇතිකරගත් එම ඵකගතාවයන්ගෙන් ඔබ්බට යමින් තමන්ගේම වූ විකල්ප විශ්ලේෂණයක් (DSA) ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගය විපක්ෂයෙහි සිටි අවදියේ විශේෂයෙන් මැතිවරණ සමයෙහි කියා සිට් අතර තම මැතිවරණ ප්‍රකාශනයෙන්ද තියාසිටියේ තමන්ගේම වූ විකල්ප’ණය තිරසරකරණ විශ්ලේෂණයක්'(DSA) ඉදිරිපත් කරන බවය.
එම පසුබිම තුළ ජනාධිපතිවරණ සටනේ ආර්ථික විෂය සමිබන්ධ ප්‍රධාන විවාදය ගොඩ නැගුනේද මේ තේමාව යටතේය.
එහිදී ජාතික ජනබලවේගය පෙනීසිටි මතයෙන් පසු බැසීමට මේ මොහොතේ සිදුවී තිබීම ඔවුන්ට තමන්ගේ දේශපාලන ප්‍රශ්නයක් වී ඇත.මැතිවරණ පොරොන්දු කඩකිරීමක් ලෙස එය දේශපාලන පසුබෑමක් වුවද රටේ පොදු ආර්ථික යහපත වෙනුවෙන් අගය කළ හැකි පියවරක් ලෙසද විචාරකයෝ දකිති.
එය එසේ වුවද ආණ්ඩුව මෙසේ එකග වී සිටින රාමුව තුළම ඔවුන් අපේක්ෂා කරන වෙනත් සමහර ජනප්‍රියවාදී ක්‍රියාකාරකම් මෙම පොදු සැලසුම තුළ පරස්පරවිරෝධී වන අවස්ථා ද විචාරකයෝ පෙන්වා දෙති. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් සේවය තව දුරටත් රාජ්‍ය ව්‍යවසායක් ලෙස පවත්වාගෙන යන්නේ නම් ඒ සදහා දිගුකාලීන අයෝජන කිරීමට රජයට සිදුවේ. ඵහෙත් ඉහත කී DSA සීමාවන් තුළ රජයට එවැනි වියදම් දැරීමේ සීමාවන් ඍජුවම නැතත් වක්‍රව පැනවේ. එහෙත් ජනාධිපති අනුර කුමාර දිසානායක දැනටමත් ඒ වෙනුවෙන් ඍජුවම අදහස් දක්වා තිබේ.
මෙම පසුබිම තුළ ආණඩුව සහ මූල්‍ය අරමුදල අතර එකගතාවක් ඇති වීම සුබ ළකුණක් වුවද ඉදිරයට ඇත්තේ අතුරේ යන ගමණක් බව පෙනෙන්නට තිබේ. හිටපු ජනාධිපති වරයාගේ වචන වලින් කියන්නේ නම් තව දුරටත් ළමයා රැගෙන යා යුතුව ඇත්තේ වැල් පාලමේමය.
පවතින තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජූලි කොසෑක් මාධ්‍යයට කියා ඇත්තේ “ශ්‍රී ලංකාවේ අවධානම් සහගත භාවයත් ,අව්නිශ්චිත භාවයත් තවම පහව ගොස් නැති” බවය. එමෙන්ම “ප්‍රතිසංස්කරණ නොවෙනස්ව පවත්වාගෙන යාම ඉතා වැදගත් බව” ද ඇය පවසා ඇත.