මැතිවරණ වියදම් නියාමන පනතට නව පණක් දිය යුතුයි.

– පැෆරල් විධායක අධ්‍යක්ෂ

මැතිවරණ කටයුතු සදහා කෙරෙන වියදම් හා ලැබෙන ආදායම් නියාමනය කිරිමේ අරමුණින් දැනට බලාත්මකව පවතින 2023 අංක 02 දරණ මැතිවරණ ව්යදම් පාලන පනත ආරම්භයක් ලෙස සෑහීමකට පත් විය හැකි තත්වයක තිබෙන නමුත් තව දුරටත් එහි සංවර්ධනය විය යුතු අංශ ගණනාවක් ඇති බව පැෆරල් සංවිධානයේ 

විධායක අධ්‍යක්ෂ රෝහණ ⁣හෙට්ටිආරච්චි මහතා පවසයි.එබැවින් ඵම ගැටළු ඉලක්ක කර ගත් සංශෝධන කෙරෙහි සමාජ ක්‍රියාකාරිකයන්‍, බලපෑම් කණ්ඩායම් ‍, සහ ප්‍රතිපත්ති සම්පාදකයන් යන සියලු දෙනා⁣ගේ කඩිනම්  අවධානය ⁣යොමුවිය යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන ගැටලු අතරින් ඵක් ප්‍රධාන ගැටලුවක් වන්නේ

මෙම මැතිවරණ ආධාර  සහ වියදම් පරීක්ෂා කිරීමෙහි වගකිවයුතු බලයක් මැතිවරණ කොමිසමට නොතිබීමය.ඵම පරීක්ෂණ කටයුතු සිදුකිරීමේ බලය පැවරී ඇත්තේ පොලිසියටය.ඵ් හැරුණු විට අනුග්‍රාහකයන් පක්ෂයකට ආධාර කිරීමේදී ඵසේ කරන ආධාර සදහා සීමාවක් නොවීම ද ඔහු දකින ගැටලුවකි. ඵමගින් ඵක් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට ඵම පක්ෂය මත ඵ්කාධිකාරී බලයක් ගොඩනැගීමට හැකි වීම හාණිදායක තත්ත්වයක් බව හෙට්ටිආරච්චි මහතා පවසයි.

වැඩිදුරටත් ඔහු ඉදිරිපත් කරන යෝජනාවක් වන්නේ අපේක්ෂකයන් ගේ වියදම් සහ ඔවුනට ලැබෙන  සියලු ආධාර එක් ගිණුමක් හරහා සිදු කිරීමේ විධි විධාන ද ඉදිරියේදී මීට ඵක් විය යුතු බවය.ඵමගින්  අදාළ පක්ෂයේ හෝ අපේක්ෂකයා⁣ගේ වියදම් හා ලැබෙන ආධාර නියාමනය කිරීම වඩා පහසු වන බව ඔහු ⁣පෙන්වා දෙයි.මැතිවරණ ක්‍රියාවලියෙහි නිදහස හා සාධාරණත්වය තහවුරු කිරීම සදහා මැතිවරණ වියදම් පාලන පනත අතිශය වැදගත් භූමිකාවක් ඉටුකරන නමුත් ඵය වඩාත් බලපෑම් සහගත වන්නේ ඵ් කෙරෙහි පුරවැසියාගේ මැදිහත් වීම හා සහභාගිත්වය ඉහළ යන ප්‍රමාණයටය.ඊට හේතුව මැතිවරණ වියදම් නිරීක්ෂණයේදී පුරවැසියා    ⁣වෙත තීරණාත්මක වගකීමක් පැවරී ඇති බැවිණි. මෙවර මැතිවරණයේදී ලැබූ අත්දැකීම් ද මත පදනමිව ඉදිරි කාලය තුළ මෙම පනත තව දුරටත් ශක්තිමත් කර ගැනීමට හැකිවනු ඇතැයි නිරීක්ෂකයෝ අපේක්ෂා කරති.