You are currently viewing විස්ස විවාදයට දින නියම කිරීම හෙට; පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව රැස්වෙයි

විස්ස විවාදයට දින නියම කිරීම හෙට; පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව රැස්වෙයි

විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේදී විවාද කිරීම සඳහා දින යොදා ගන්නේද යන්න පිළිබඳව සාකච්ඡුා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට (16දා) රැස්වී සාකච්ඡ කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් අද පස්වරු 1.30 ට රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තු රැුස්වීම ලබන 20 වැනිදා පෙරවරු 10 ට ආරම්භ කෙරෙන අතර එදින 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායකවරයා විසින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Leave a Reply