You are currently viewing බදු පනත් 05ක් සංශෝධනයට පියවර

බදු පනත් 05ක් සංශෝධනයට පියවර

මුදල්,ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයි විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යොජනාවකට අනුවයි එම අනුමැතිය හිමිවි ඇත්තේ.ඒ අනුව පහත බදු පනත් සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

1. 2017 අංක 24 දරණ දේශීය ආදායම් බදු පනත.

2. 2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනත.

3. 2011 අංක 21 දරණ විදුලි සංදේශ බදු පනත.

4. 1988 අංක 40 දරණ ඔට්ටු හා සූදු බදු පනත.

5. 2003 අංක 03 දරණ මූල්‍ය කළමණාකරණ (වගකීම) පනත.

2019 වසර අගභාගයේ දී රජය විසින් ලිහිල් බදු ප්‍රතිපත්තියක් හඳුනුවා දුන් අතර එහි දී, එකතු කළ අගය මත බද්ද,පුද්ගල ආදායම් බද්ද,සංස්ථාපිත ආදායම් බද්ද, යන බදුවල අනුපාත අඩු කිරීමටත් එකතු කළ අගය මත බද්දෙහි බදු පදනම සංකෝචනය කිරීමටත් රජය විසින් ගනු ලැබූ තීරණ නිසා රාජ්‍ය ආදායමට සැලකිය යුතු බලපෑමක් සිදුවී ඇත.එම තීරණය  හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අයවැය හිඟය සහ රාජ්‍ය ණය ඉහළ යෑමට හේතුවක් වී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව ඔහු විසින් ප්‍රකාශ කරන ලද්දේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණෙන් මෙම තීරණය ගනු ලැබූ බවයි.