You are currently viewing ආර්ථිකය හැසිරවීම සඳහා කමිටුවක්

ආර්ථිකය හැසිරවීම සඳහා කමිටුවක්

මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සඳහා ආචාර්ය ආර්. සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරනය කර තිබෙනවා.

මෙරට ආර්ථිකය හැසිරවීම සම්බන්ධයෙන් වැදගත් තීරණ ගැනීම සඳහා මෙම පත් කිරීම කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කමිටුවට ආර්. සමරතුංග මහතාට අමතරව, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ,භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන,ආචාර්ය ශර්මිනී කුරේ,හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශාන්ත ඩැනියෙල් ඇතුළත්.