You are currently viewing පළාත් පාලනය ගැන මන්ත්‍රීවරියන් 362 කට පුහුණුවක්.

පළාත් පාලනය ගැන මන්ත්‍රීවරියන් 362 කට පුහුණුවක්.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පළාත්

පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සමඟ එක්ව OTI ආයතනය DEMO Finland මූල්‍ය

අනුග්‍රහයෙන් පළාත් පාලන ආයතන සභික මන්ත්‍රීවරියන් සඳහා පුහුණු වැඩසටහන්

මාලාවක් පවත්වනු ලැබිණි.

කොළඹ,ගාල්ල,හම්බන්තොට,මහනුවර,මාතර,කළුතර,කෑගල්ල,පොළොන්නරුව,අනුරාධපුර,ත්‍රිකුණාමලය,නුවරඑළිය

සහ බදුල්ල දිස්ත්‍රික් ආවරණය කරමින් සභික මන්ත්‍රීවරියන් 362ක් මේ සඳහා

සහභාගී විය.

ලංකාවේ පලාත් පාලන ක්‍රමය පිලිබඳ හඳුන්වා දීම.සභා කටයුතු,සභිකයන්ගේ බලතල

සහ කාර්‍යභාරය,පළාත් පාලන ආයතනයන්හි කමිටු ක්‍රමය සහ නව කමිටු

පිහිටුවීම.සභා අයවැය සකස් කිරීම සහ සභිකයන්ගේ භූමිකාව,ප්‍රායෝගිකව මහජන

නියෝජිතවරියන් මුහුණ දෙන ගැටළු පිලිබඳ සාකච්ඡා කිරිම සහ ඔවුන්ගේ

නායකත්වය,පෞරුෂ වර්ධනය සහ ආකල්ප ගොඩනැගීම සඳහා වූ විශේෂ දේශන මාලාවකින්

පුහුණු වැඩසටහන සමන්විත විය.

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වෘත්තීය දේශකයින්ගේ

සම්පත්දායකත්වය,මෙන්ම වසර ගණනාවක් කාන්තා නායකත්වය ගොඩනැගීමේ නියැලුණු

වෘත්තීයවේදීන්ගේ සම්පත් දායකත්වය පුහුණු වැඩසටහන් මාලාව සාර්ථකව

සිදුකිරීමට පිටුවහලක් විය.

දේශන පැවැත්වීමෙන් වැළකී විවිධ අධ්‍යාපන හා වයස් මට්ටම් වල සභික

මන්ත්‍රීවරියන්ට ගැළපෙන සේ සමස්ත පුහුණු වැඩසටහනම වැඩිහිටි අධ්‍යාපන

ක්‍රම භාවිතයෙන් සංවාදාත්මක ස්වරූපයෙන් පැවැත්වීමද වැඩසටහනේ සාර්ථකත්වයට

පිටුවහලක් විය.

මෙම පුහුණු වැඩසටහන් මාලාවේ විශේෂත්වය වන්නේ

පක්‍ෂ,පාට,ආගම්,වයස්,ජාති,බේදයකින් තොරව තෝරාගත් සභාවල සියලු සභිකවරියන්ට

පුහුණුව ලබාදීමයි.මේ සඳහා 2018 වසරේ සිට මාර්ගෝපදේශකත්වය සැපයූ පළාත්

පාලන අමාත්‍යාංශයට ස්තුතිවන්ත විය යුතුය.

පළාත් පාලන ආයතන සභික මන්ත්‍රීවරියන් අතර අන්‍යොනය සබඳතාවයක් ගොඩනැගීම

මඟින් අත්දැකීම් හුවමාරු කරගැනීමකටද අවස්ථාව හිමිවිය. OTI ආයතනය සාමුහික

කාන්තා නායකත්වයක් මේ තුළින් ගොඩනැගීම සඳහා අවශ්‍ය කටයුතුද සිදුකරන ලදී.

මෙම පුහුණු වැඩසටහන් මාලාවේ අපේක්‍ෂිත අරමුණු සාක්ෂාත් කරගනිමින්,පළාත්

පාලන නීතියේ දක්වා ඇති පරිදි පිහිටුවිය හැකි අවම කමිටු සංඛ්‍යාව වන හතරට

සීමා නොවී විශේෂයෙන් පළාත් පාලන ආයතනවල නව කාන්තා හා ළමා කමිටු

පිහිටුවීමද සිදුකෙරේ.

මේ සඳහා විශේෂ මතක් කිරීමක් කරමින් පළාත් පාලන

අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලු සභාවලට 2021.11.08 වන දින  නිර්දේශයක්

නිකුත් කිරීමද කාන්තා නායකත්වය ඉදිරියට ගැනීමට දායකවන වැදගත් ඉදිරි

පියවරක් ලෙස සනිටුහන් කිරීම වටියි.


Details
Title Description
Title Description

Title Description
Title Description

Leave a Reply