ශ්‍රී ලංකාව විසින් පනවා ඇති ආනයන සීමා ඉවත් කරන ලෙසට යුරෝපා සංගමය දැනුම් දී තිබෙනවා.
ඒ,බ්‍රසල්ස් නුවර පැවති යුරෝපා සංගම් රැස්වීමේදියි.
එහිදී ශ්‍රී ලංකා නියෝජිතයින් සදහන් කර ඇත්තේ, කොරෝනා ව්‍යාප්තියත් සමග මුහුණ දී ඇති විදේශ විනිමය ගැටලුව හේතුවෙන් මෙලෙස ආනයනය සීමා පැනවීමට කටයුතු කළ බවයි.
එම තත්ත්වයන් සම්බන්ධයෙන් විටින් විට අධ්‍යයනයන් කරන අතර විදේශ විනිමය ගැටලුව යම්තාක් දුරටකට නිරාකරණය කර ගැනීමට හැකි වුව හොත් ආනයනය සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එම නියෝජිතයින් සඳහන් කර තිබෙනවා.
මෙහිදී යුරෝපා සංගමය සදහන් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය ගෙන ඇති තීරණය යහපත් පියවරක් බවයි.
එමෙන්ම, ජාත්‍යන්තර නීතිරීතිවලට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සකස් කරන ලෙසත් අවශ්‍ය නීති රීති මේ වන විටත් ඊට ඇතුළත් වී නොමැති බව යුරෝපා සංගමය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
