You are currently viewing සුසිල් නෙරපුවේ ඇයි?

සුසිල් නෙරපුවේ ඇයි?

වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

ජනාධිපතිවරයා සතු බලතල මත එම පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසිය.  

ආණ්ඩුව අභ්‍යන්තරයේ සිට ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විවේචනය කරන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැනි පුද්ගලයින් ඕනෑම අවස්ථාවකදී අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට තමාට බලය ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි දැඩි ආවේගයෙන් යුතුව ප්‍රකාශ කර තිබිණ.

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා විසින් පසුගියදා සිදුකර තිබු ආණ්ඩු විරෝධී විවේචනය පිලිබදවද මෙහිදී ජනාධිපතිවරයා දැඩි ලෙස අප්‍රසාදය පළ කර තිබිණ.

ආහාර අර්බුදයට අදාල විෂයභාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව යුතු බවටත්, රට මුහුණ පා සිටින බරපතල අර්බුදයන්ට විසඳුම් දිය හැකි කාලය ඉක්මවා ගොස් ඇති බවත් දැන් මේවාට විසඳුම් දිය හැක්කේ වෙනත් කණ්ඩායමකට බවටත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා අවධාරණය කර සිටියේය.

බඩු මිල වැඩි වීමට වෙළෙඳ ඇමැති කෘෂිකර්ම ඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බව පැවසූ ප්‍රේමජයන්ත, කෘෂිකර්ම ඇමැති සම්පූර්ණයෙන්ම “ෆේල්” බවද ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් සිදුකළ එම ප්‍රකාශයන් සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන හා මහින්දාන්නද අලුත්ගමගේ යන අමාත්‍යවරුන් දෙදෙනා ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබී ඇත. ජනාධිපතිවරයා දැඩි ආවේගයෙන් යුතුව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ඉලක්ක කර ගනිමින් ඉහත ප්‍රකාශය කර ඇත්තේ ඉන් අනතුරුවය.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා සිදුකළ ප්‍රකාශය.

රට මුහුණදී සිටින බරපතල අර්බුදයන්ට විසඳුම් දිය හැකි කාලය ඉක්මවා ගොස් ඇති බවත්

දැන් මේවාට විසඳුම් දිය හැක්කේ වෙනත් කණ්ඩායමකට බවත් පැවසීය.

රටම අමාරුවෙ වැටුණේ කරන්න බැරි දේවල් කිරීමට යෑම නිසා යැයි ද හෙතෙම පවසයි.

ආහාර අර්බුදයට අදාල විෂයභාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව යුතු බවද සඳහන් කළේය.

බඩු මිල වැඩි වීමට වෙළෙඳ ඇමැති කෘෂිකර්ම ඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බව පැවසූ ප්‍රේමජයන්ත, කෘෂිකර්ම ඇමැති සම්පූර්ණයෙන්ම “ෆේල්” බවද ප්‍රකාශ කළේය.රටේ ඩොලර් නැතිනම් ඒවාට වගකිව යුතු වන්නේද ඩොලර් නැති කළ අය බව ඔහු පෙන්වා දුන්නේය.

පොහොර ටික නැති කළාම බඩු මිල ඉහළ යන එක කියන්නත් දෙයක් දැයි මෙහිදී ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා, ආණ්ඩුවේ සිටියත් ප්‍රතිපත්ති තීන්දු ගන්න ස්ථානවල තමා නැති බවත් තමා බංකුවක තබා සිටින බවත් හෙතෙම කීවේය.