ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට කැමතියි -ජනපති

එළඹෙන ජනාධිපතිවරණය සඳහාද තමන් ඉදිරිපත්වීමට කැමැත්තෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අතරතුරයි.

මීට පෙර කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයා ඊළග ජනාධිපතිවරණට ඉදිරිපත් වන බවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට නොතිබිණ.
තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඉදිරි වසර 3 පමණක් නොව තවත් වසර 5ක් ඇති බව ජනාධිපතිවරයා පැවසූ බව ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසයි.

Leave a Reply