යුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් එක්සත් ජනපදයට.

යුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් එක්සත් ජනපදයේ විදුලි බලාගාරයකට භාරදීමේ සංදේශය අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.අමෙරිකානු සමාගමක් වන ෆෝට්‍රස් සමාගමට මෙහි කොටස් පැවරීමට නියමිතය.

කෙසේ වෙතත්, පසුගිය සඳුදා යුගදනවි හි භාණ්ඩාගාරය සතුව තිබූ 40% කොටස එක්සත් ජනපදය පදනම් කරගත් ෆෝට්‍රස් බලශක්ති සමාගමට භාරදීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවට විපක්ෂය විසින් රජයට චෝදනා කර තිබිණ.

කෙරවලපිටිය විදුලි බලාගාරය කොටස් ප්‍රමාණයක් ලබාදෙන්නේ ඇමරිකාවට නොව ඇමෙරිකානු සමාගමකට බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.ඒ ද මුදල් අමාත්‍යාංශය සතු කොටස් පමණක් බවත් විදුලිබල මණ්ඩලය සතු කොටස් නොවන බවත් ඔහු පැවසීය.

රට මේ මොහොතේ මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස මේ පියවර ගෙන තිබෙන බව ජනාධිපතිවරයා විසින් පැවසූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ කහටගහ මිනිරන් පතල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

‘ඇමරිකාවට දීමක් නෙවෙයි ඇමරිකානු සමාගමකට දීමක් තමයි ඇත්තටම දීළා තියෙන්නේ. ඇත්තටම මුදල් අමාත්‍යශය සතු කොටස් විතරයි දීල තියෙන නේ. නැතුව විදුලිබල මණ්ඩලය සතු කොටස් නෙවෙයි දීල තියෙන්නේ . රට මුහුණදීලා තියෙන විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස මේ පියවර ගෙන තිබෙන බව තමයි මේක සාධාරණීකරණය කරන්න ජනාධිපතිතුමා කියල තියෙන්නේ.

Leave a Reply