එජාප, සජබ, ජවිපෙ සියලු දෙනා එකට එක්වෙයි.

අද දින කුලියාපිටිය ශික්ෂණ රෝහල සහ මහාචාර්ය ඒකකය රැකගැනීමේ අරගලය සඳහා උද්ඝෝෂණයක්  සංවිධානය කර තිබිණි.

ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු කුලියාපිටිය විද්‍යා විනෝද පිරිවෙනෙහි පරිවෙණාධිපති පූජ්‍ය ඇපලදෙනියේ සුමනසිරි ස්වාමීන් වහන්සේ සහ සහභාගී වූ සියලු ස්වාමීන් වහන්සේලා,අන්‍යාගමික පූජකවරුන් සහ හිටපු අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම්,කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර,කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්,ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න ,කුලියාපිටිය නගර සභාවේ  සභාපති ලක්ෂ්මන් අධිකාරී,කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් කැටවලගෙදර යන මහත්වරුන්  මෙන්ම නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්, ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙම අරගලය සඳහා සහභාගී වන සියලු දෙනාගේම ඒකායන අරමුණ උප නූපන් සියලු දෙනාම වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත අංගසම්පූර්ණ රෝහල සහ මහාචාර්ය ඒකකය රැක ගැනීම පමණක් බව ඔවුන් පැවසූහ.

Leave a Reply