You are currently viewing ආණ්ඩුව අලුතින් අමුතුම බද්දක් හඳුන්වා දෙයි
Tax

ආණ්ඩුව අලුතින් අමුතුම බද්දක් හඳුන්වා දෙයි

හෙලිදරව් නොකරන ලද ආදායම් සහ වත්කම් හෙලිදරව් කිරීමට හා ආයෝජනය කිරීමට ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා එවැනි ආයෝජකයින් බද්දක්, දඩ මුදලක් හෝ පොලියක් ගෙවීමේ වගකීමෙන් සහ විමර්ශනයකට හෝ නඩු පැවරීමකට යටත් වීමෙන් නිදහස් කොට 1%ක “ස්වේච්ඡාවෙන් හෙලිදරව් කිරීම මත බද්දක්” පමණක් ගෙවීම සඳහා නීතිමය විධිවිධාන පැනවීමට අදාළව 2021 අයවැය මඟින් යෝජනා කරනු ලැබ ඇත.

ඒ සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස 2021 මුදල් පනත කෙටුම්පත් කිරීම සඳහා 2021 පෙබරවාරි මස 22 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ති‍බේ.

ඒ අනුව, සකස් කර ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Tax

Leave a Reply