You are currently viewing චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය අද.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය අද.

චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් බීජිං අගනුවර ඇතුළුව චීනය පුරා අද උත්සව රැසක් සංවිධාන කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු චීනය, කොමියුනිස්ට් පක්ෂයේ සංවත්සරය උත්කර්ශවත් ලෙස සමරන පළමු අවස්ථාව ද මෙය වනවා.

චීනයේ හුබේ ප්‍රාන්තයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ කොරෝනා වෛරසය මේවනවිට සමස්ථ ලෝකයේම කටයුතු අකර්මන්‍ය කර ඇත්තේ බොහෝ පිරිසක් නිවෙස් තුළට කොටු කරමින්.

එහෙත්, චීනය අදට යෙදී ඇති කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය සමරනු ලැබුවේ එරට වැසියන් දහස් ගනණකගේ සහභාගීත්වයෙන් වීම විශේෂත්වයක්. එලෙස රැස්ව සිටින චින වැසියන් කිසිවෙකු මුව ආවරණ හෝ නොපැළඳ නිදහසේ සතුටු වන අයුරු දැක්වෙන ඡායාරූප රැසක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජාතික උත්සවය සඳහා දරුවන් විශාල පිරිසක් ද සහභාගී වී සිටි අතර ඔවුන් ද මුව ආවරණ පැළඳ සිටියේ නැහැ.

මේ අතර කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති සී ජින් පින් අද ජාතිය ඇමතුවා. එහිදී චීන ජනාධිපතිවරයා සිය ප්‍රතිවිරුද්ධ මතධාරී පාර්ශවයන්ට අභියෝග රැසක් එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජාතිය අමතමින් ජනාධිපති ජින් පින් පැවසුවේ චීනය හිරිහැරවලට ලක්වෙමින් පැවැති යුගය අවසන් බවයි.ජනාධිපති ෂී ජින්පින්ග් පැවසුවේ තම රටේ කටයුතුවලට මැදිහත්වීමට හෝ හිරිහැර කිරීමට විදෙස් බලවතුන් උත්සාහ කළහොත් ඔවුන්ගේ “ඔළු කුඩුවිය” හැකි බවය.   

චීන ජනාධිපතිවරයා පැවසුවේ අනවශ්‍ය දේශනා වලට සවන්දීමට තම රට සූදානම් නැති බවය. 

විදෙස් මාධ්‍ය පැවසුවේ එය අමෙරිකාව ඉලක්ක කර පැවසු කරුණක් ලෙසය.

චීනය විසින් හොංකොං වාසීන්ගේ මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට කටයුතු කරන බවට අමෙරිකාව ඇතුළු බටහිර රටවල් චෝදනා කරති.

එමෙන්ම පක්ෂය හෝ චීන ජනතාව වෙන් කිරීමට උත්සහ දරන්නවුන් පරාජය වන බව ද ජනාධිපති සී ජින් පින් අවධාරණය කර තිබෙනවා.

චීනය තුළ දේශපාලන පෙරළි රැසක් සිදුකළ කොමියුනිස්ට් පක්ෂය පිහිටුවනු ලැබුවේ 1921 වර්ෂයේදීයි. මේවනවිට අවුරුදු 72 ක් පුරා කොමියුනිස්ට් පක්ෂය චීනයේ පාලනය බලය හිමිකර ගෙන තිබෙනවා.

Leave a Reply