විදේශීය මුදල් මෙරටට ප්‍රේෂණය කිරීම උනන්දු කරවීම සඳහා 2020 අප්‍රේල් මස 07 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමට සහ එකී ගිණුම්වල පවතින තැන්පතු තවදුරටත් රඳවා ගැනීම සඳහා අතිරේක පොලියක් ගෙවීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ අදාළ නියෝග නිකුත් කර ඇති අතර, දැනට පවතින විධිවිධාන යටතේ මාස 06ක හෝ මාස 12ක කාල සීමාව සහිත විශේෂ තැන්පතු ගිණුම් නැවත ආයෝජනය කිරීමටත්, එවැනි විශේෂ තැන්පතු ගිණුම් සඳහා අතිරේක පොලියක් ප්‍රදානය කිරීමටත් හැකියාව පවතී.
එහෙත්, මාස 12ක කාල සීමාවට වඩා නැවත ආයෝජනය කරනු ලබන විශේෂ තැන්පතු ගිණුම් සඳහා අතිරේක පොලී අනුපාතිකයක් ගෙවීමට විධිවිධාන නොමැති බැවින්, ඒ සඳහා වන විධිවිධාන ඇතුළත් කරමින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7(1) වගන්තිය ප්‍රකාරව නියෝග පැනවීමටත්, එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
