රුපියල් බිලියන 200ක වටිනාකමින් යුත් 2021 අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
එය රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කිරිමට ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් යෝජනා කරන ලදී.
එයට අමතරව 2020 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවද අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය මුදල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව වෙත යොමු කිරීමට යෝජනා විය.
එමෙන්ම 2020 අංක 7 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2021.04.01 සිට 2021.04.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන ද අමාත්‍ය ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
