සංචරණ සීමා නොසලකා හරිමින්, සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් තමන්ට හිතෙන හිතෙන ආකාරයට මහජනතාව ඉතාම කනගාටුදායක ලෙස හැසිරෙන බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
මෙහිදී තවදුරටත් කතා කළ උපුල් රෝහණ මහතා මෙසේ ද කියා සිටියේ,
”සංචරණ සීමා පනවලා තියෙද්දි පසුගිය දින කීපයේ දී අපි විශේෂයෙන්ම දැකපු දෙයක් තමයි මහජනතාව සංචරණ සීමා නොසලකා ඉතාම කනගාටුදායක ලෙස හැසිරීම. මේ තත්ත්වයට පොදුවේ මහජනතාව වගේම රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්, පෞද්ගලික ආයතන ප‍්‍රධානීන් වගකිවයුතු වෙනවා.
විශේෂයෙන් ඇතැම් පුද්ගලික ආයතන කිසිසේත් අත්‍යවශ්‍ය සේවා නොවන ආයතන සේවකයින් කැඳවමින් ඔවුන්ගේ ලාභ ලබාගැනීමේ අරමුණු කරගෙන කටයුතු කරනවා කියලා අපිට දිගින් දිගටම පෙනෙන්නට තිබෙනවා. මේ කනගාටුදායක තත්ත්වය ඉදිරි දින කිහිපයේත් තිබුණොත් මේ රට ඉදිරියේ දී විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් මතුවෙන්න පුළුවන්.
ඒ වගේම මේ සැරිසරන සියලූදෙනාත්, සෞඛ්‍ය උපදෙස් කඩ කරන සියලූ දෙනාත්, රටේ අනෙකුත් මහජනතාවත් භයානක තත්ත්වයකට තල්ලූවෙමින් යන බවක් පේන්න තිබෙනවා. අපිට මේක ජුනි මාසයේ දෙවන සතිය වෙද්දි යම් තරමකට අඩුවක් ලබා ගන්න නම් විශේෂ කැපකිරීමක් කරන්න ඕනේ රටේ මහජනතාව.”
