එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආපදාවට ලක්වූ මුහුදු ප්‍රදේශයේ මත්ස්‍යයින්ගේ සිරුරුවල අහිතකර ද්‍රව්‍ය අඩංගු බවට මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී නොමැති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසනවා.
ඔහු පවසන්නේ නාරා පර්යේෂණායතනය විසින් නිරන්තරයෙන්ම ජලසාම්පල් හා මාළුන්ගේ සාම්පල් පරික්ෂා කරනු ලබන බවයි. මාළුන්ගේ සිරුරු තුළ අහිතකර ද්‍රව්‍යයක් ඇතැයි එම පර්යේෂණ මගින් වාර්තාවී නැති බවයි.
කෙසේවෙතත් අදාල මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු තහනම් කර ඇති බැවින් පරිභෝජනයට සුදුසු නොවන මාලු වෙළදපොලට නිකුත් වීමේ අවධානමක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
