හොරට ආවොත් වසර පහක් හිරේ.

ව්‍යාජ කැඳවීම් ලිපි පෙන්වමින් කොළඹ නගරයට හෝ වෙනත් නගර වලට ඇතුළු වන පුද්ගලයන්ට නිරෝධායන නීති කඩකිරීමේ චෝදනාව යටතේ වසර 5ක් දක්වා සිර දඬුවම් නීති සම්පාදන පවතින්නේ යැයි පොලිසිය පෙන්වා දෙයි.

එමෙන්ම නිරෝධායන නීති කඩකරන පුද්ගලයන්ට රුපියල් 50,000 ක දඩ මුදලක් පැනවිය හැකි බව ද පොලිසිය කියා සිටියි.

පනවා ඇති නිරෝධායන නීති කඩකරන්නන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා අවධාරනය කරයි.

කොළඹ නගරයට ඊයේ  දිනයේ ද විශාල ප්‍රමාණයක් වාහන ප්‍රමාණයක් මාර්ග ගණනාවකින් ඇතුළු වී ඇති අතර ඒ හේතුවෙන් මාර්ග ගණනාවකම දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබිණි.

Leave a Reply