ඉන්ධන මිල දී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුවලින් වැඩි ප්‍රමාණයක් පෙට්‍රොචයිනා සමාගමට

2021 ජුනි මස 01 සිට 2022 ජනවාරි මස 31 දක්වා මාස අටක කාලයක් තුළ පහත සඳහන් පරිදි ඉන්ධන මිල දී ගැනීමට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පහත සඳහන් දිගුකාලීන කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* පෙට්‍රල් (92 Unl) බැරල් 2,700,000+10/-5%ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ ස්විස් සිංගප්පූර් ඕවර්සීස් එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම.

* ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,120,000+10/-5% ක් මුතුරාජවෙල SPM මඟින් ගොඩබෑම පිණිස ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ පෙට්‍රොචයිනා ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම.

* පෙට්‍රල් (92 Unl) බැරල් 1,341,000+10/-5%ක් සහ පෙට්‍රල් (95 Unl) බැරල් 459,000 +10/-5%ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ පෙට්‍රොචයිනා ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම.

* ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,120,000+10/-5%ක් කොළඹ ඩොල්පින් ටෑන්කර් බර්ත් (DTB) සහ මුතුරාජවෙල SPM යන ස්ථාන දෙක හරහා ගොඩබෑම පිණිස ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ පෙට්‍රොචයිනා ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම.

Leave a Reply