ඔස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් චීනයට රතු එළියක්.

මානව හිමිකම්වලට ගරු කරමින් අන්තර්ජාතික සංවිධානවල නිරීක්ෂණයන්ට ඉඩදෙන්නැයි ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය චීනයට අවධාරණය කර තිබේ.

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය මේ බව සදහන් කර ඇත්තේ දෙරටේ අගමැතිවරුන් වන ස්කොට් මොරිසන් සහ ජසින්ඩා ආර්ඩන් අතර නවසීලන්තයේදී පැවති සාකච්ඡාවලින් අනතුරුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක් මගිනි.

හොංකොංහි සිදුවන නිදහස් සහ අයිතිවාසිකම් සීමා කිරීම් පිළිබදවත් ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ උයිගුර් ජනවර්ගයට එරෙහිව සිදුවන ක්‍රියා පිළිබදවත් දෙරටේම අවධානය යොමුවී ඇති බව ⁣අදාළ නිවේදනයේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන් සහ වෙනත් මානව හිමිකම් සංවිධාන මගින් සිදුකරන සොයාබැලීම් සදහා බාධා කිරී්ම්වලින් තොරව සහය දක්වන ලෙසටද දෙරටේ නායකයන් මෙහිදී චීනයට අවධාරණය කර තිබේ.

කොරෝනා වෛරසයේ ප්‍රභවය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් සිදුකරන පරීක්ෂණ සදහා සහය දෙන ලෙසද ඕස්ට්‍රේලියානු සහ නවසීලන්තය අගමැතිවරුන් මෙහිදී චීනයට අවධාරණය කර ඇත.

Leave a Reply