ගිනි ගැනීම සම්බන්ධයෙන් වැරදිම සොයන්න එපා.

කොළඹ වරායට ආසන්නයේ නෞකාවක් ගිනි ගැනීම සම්බන්ධයෙන් වැරදිම පමණක් නොසොයන ලෙස නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

ගිනිගෙන විනාශවන X-Press Pearl නෞකාව හේතුවෙන් වෙරළට සිදුව ඇති හානිය නිරීක්ෂණය කිරීම සඳහා මීගමු වෙරළ තීරයේ සිදුකරන ලද සංචාරයක් අතරතුරදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පලකළා.

වරායන් දෙකකින් අදාළ නෞකාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්  පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ සමාජ මාධ්‍යවල සඳහන් කරුණු පිළිබදව විශ්වාස කල නොහැකි බවත් ඒ පිළිබදව සාක්ෂි නොමැති බවත්ය.

එම නෞකාවේ බහාලුම් 12 ක් කොළඹ වරායට ගොඩබෑමට තිබූ බවත් ඒ අතරතුර මෙම ගිනි ගැනීම සිදුව ඇති බවත් නාලක ගොඩහේවා මහතා පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් නාලක ගොඩහේවා මහතා සදහන් කළේ මෙම සිදුවීමට වගකිවයුත්තේ නෞකාව අයත් සමාගම බැවින් ඔවුන්ගෙන් වන්දි ලබාගැනීමට කටයුතු කරන බවයි.

Leave a Reply