මැතිසබයේ සවි කර ඇති ඡන්දය ගණනය කරන ඉලෙක්ට්‍රොනික පද්ධතියේ දෝෂ සහ අඩුපාඩු කිහිපයක් එම පද්ධතිය පරීක්ෂා කළ තාක්ෂණික විශේෂඥයන් සහ ඉංජිනේරුවන් සොයාගෙන ඇත .
මේ අනුව එම ඉලෙක්ට්‍රොනික පද්ධතිය වැඩිදියුණු කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇත.
. මෙම ඉලෙක්ට්‍රොනික පද්ධතිය පසුගිය දිනවල පරීක්ෂාවට ලක් කළ තාක්ෂණික විශේෂඥයන් සහ ඉංජිනේරුවන් කණ්ඩායමක් එහි පවතින අඩුපාඩු රැසක් හඳුනාගෙන ඒවා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පෙන්වා දී ඇත . එම පද්ධතිය වැඩිදියුණු කිරීමට අවධානය යොමු වී ඇත්තේ ඒ අනුවය .
මැතිසබයේ ඡන්දය විමසන අවස්ථාවන්හිදී මන්ත්‍රීවරුන් 225 දෙනාම ඡන්දය ප්‍රකාශය කළ ආකාරය දැක්වෙන සම්පූර්ණ නාම ලේඛනය එකවර ප්‍රදර්ශනය කළ යුතු බවටත් ඡන්ද විමසීමට සහභාගි නොවන මන්ත්‍රීවරුන්ගේ නම්ද නොපැමිණි අය සේ සටහන්ව ඊට ඇතුළත් කළ යුතු බවටත් එම තාක්ෂණික විශේෂඥයන් හා ඉංජිනේරුවන් පෙන්වා දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ .
තාක්ෂණික විශේෂඥයන් හා ඉංජිනේරුවන් කණ්ඩායම මැතිසබයේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය පරීක්ෂාවට ලක් කළේ කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේදී සිදුවී ඇති දෝෂය කුමක්දැයි හඳුනාගැනීම සඳහාය .
එම පරීක්ෂණ කණ්ඩායම මේ සම්බන්ධයෙන් වූ වාර්තාව කතානායකවරයාට ඉදිරි දිනවල බාරදීමට නියමිතය.
