ලංකාවේ පළමු වතාවට මළසිරුරු බහාලන ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ්වවලින් තැනූ පෙට්ටියක් හදුන්වා දීමට දෙහිවල ගල්කිස්ස නගර සභාව පියවර ගෙන ඇත.
පරිසර හිතකාමී ලෙස සකස් කොට ඇති මෙම පෙට්ටියට සෞඛ්‍ය අංශවලින්ද අනුමැතිය හිමිව ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව පළමුවරට කොරෝනා මළසිරුරක් එවැනි පෙට්ටියක බහා ආදාහනය කොට ඇති බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් ලී පෙට්ටියක් රුපියල් 30,000 සිට ලක්ෂය දක්වා මිල ගණන්වලට පැවතියද මෙම කාඩ්බෝඩ් පෙට්ටිය රුපියල් 10,000කට මිල කොට ඇති බවද පැවසේ.
