රිෂාඩ්ට පාර්ලිමේන්තු එන්න අවසර.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා ලබා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි විමට අවසරය හිමිව තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කල ඉල්ලිමකට අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම අවසරය ලබාදී තිබේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව එහි සභාපති කතානායක මහින්ද යාපා යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ රැස් වුනා.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන්ට ආධාර අනුබල ලබාදිමේ චෝදනාවක් සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 24 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබූහ.ඉන් අනතුරුව එම දෙපාර්තමේන්තුව දෙදෙනා දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා ගත්තේය.

මේ අනුව රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම් වලට  සහභාගි කරවන්නයි ඉදිරියේදී කතානායකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙනු ඇත.

මේ අතර පවතින කොරෝන වසංගත තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන සතියේ දින දෙකක් පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.මේ අනුව පාර්ලිමේන්තුව රැස් වනුයේ ලබන 4 වෙනිදා අඟහරුවාදා සහ 5 වෙනිදා බදාදා පමණකි .

Leave a Reply