දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ගනුදෙනුකරුවන් වෙතින් වූ ලැබීම් වැඩි වීම හේතුවෙන් 2021 වසරේ පෙබරවාරි මාසය තුළ විනිමය අනුපාතිකය සාපේක්ෂව ස්ථාවර මට්ටමක පැවතුණි. ඒ අනුව පෙබරවාරි මාසය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 0.2කින් සුළු වශයෙන් අතිප්‍රමාණය විය.
2021 වසරේ පෙබරවාරි 18වන දින සිට රුපියල්වලට පරිවර්තනය කරන සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවලින් සියයට 10ක් සහ අපනයන ආදායම් ලැබීම්වලින් සියයට 50ක් ශ්‍රී ලංකා මහ බැංකුවට විකිණීම සඳහා සියලුම බලපත්‍රලාභී බැංකු වෙත නියාමන යොමු කිරීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවට මාසය තුළ දී ශුද්ධ පදනම මත එක්සත් ජනපද ඩොලර් මිලියන 23ක් අවශෝෂණය කර ගැනීමට හැකි විය.
සමස්තයක් ලෙස, 2021 වසරේ අප්‍රේල් 16 වන දින දක්වා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 6.8කින් අවප්‍රමාණය විය.
මේ අතර අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යූරෝ, ස්ටර්ලිං පවුම, ඕස්ට්‍රේලියානු ඩොලරය, ජපන් යෙන් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව අවප්‍රමාණය විය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2021 පෙබරවාරි මාසයේ විදේශ අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
