විවාහයක් ලියාපදිංචි කිරීමේදී රජයට ගෙවිය යුතු ගාස්තු වැඩිකිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.
මෙසේ වැඩිකිරීමට නියමිතව ඇත්තේ සාමාන්‍ය විවාහ ලියාපදිංචියක් සහ දේවස්ථානයකදි සිදුකරනු ලබන විවාහ ලියාපදිංචියක්ද ඇතුළු විවාහ ගාස්තුය.
දෙපාර්ශ්වය එක්වී නිවසේදී සිදුකරනු ලබන විවාහ ලියාපදිංචියක් සඳහා රුපියල් 50 ක් වූ ගාස්තුව රුපියල් 1000 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ.
එසේම ගෘහ බලපත්‍රයක් මත විවාහයක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 2,500 දක්වා වැඩිකිරීමට යෝජනා කර ඇත.
එමෙන්ම විවාහ රෙජිස්ට්‍රාර්වරයා වෙත ගෙවනු ලබන ගාස්තුවද විශාල වශයෙන් ඉහළ දැමීමටද යෝජනා කර ඇත.
ඊට අමතරව රජයේ මුද්දර ගාස්තුව රුපියල් 750 සිට රුපියල් 1500 දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබේ
