ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා සහ පාවහන් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛතම ආයතනයක වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර තිබේ.
“ඇමසොන් වෙබ් අඩවියේ“ අදාළ භාණ්ඩ අලෙවි කිරීමට ප්‍රදර්ශනය කර ඇති අතර එම භාණ්ඩ ශ්‍රී ලංකාවට ද එවිය හැකි බව එම වෙබ් අඩවියේ සඳහන් වේ.
අමෙරිකානු ඩොලර් 12කට පාපිස්නාවක් අලෙවි කිරීමට තබා ඇති අතර එහි නැව් ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් 9ක මුදලක් සටහන් කර තිබේ.
ඊට අමතරව ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාවහන් යුගලක් අමෙරිකානු ඩොලර් 20ක මුදලකට අලෙවි කිරීමට තබා ඇති අතර ඒ සඳහා නැව් ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් 10ක මුදලක් සටහන් කර ඇති බව වාර්තා වේ.
අදාළ සමාගම අමෙරිකානු සමාගමක් වන අතර එය අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛතම ආයතනයක් ලෙස සැළකෙයි.
සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ, ජාත්‍යන්තරව ඒ වෙබ් අඩවිය පරීක්ෂා කිරීමේ දී ලෝකයේ රටවල් ගණනාවක කොඩිය පාපිස්නාවක යොදා අලෙවි කර ඇති බව දැනගන්න ලැබුණා. අනෙක් රටවල්වල එහෙම ඉඩ ලබාදුන්නත් අපි සුදානම් නෑ අපේ ජාතික කොඩිය කුමන හෝ රටක එවැනි පාපිස්නයක භාවිත කරනවා නම් ඒ සම්බන්ධයෙන් විදෙස් අමාත්‍යාංශය හා තානාපති මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ සංවිධාන සමග ඉතා කඩිනමින් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.
