මියන්මාරය ගැන විදේශ අමාත්‍යංශයේ පැහැදිලි කිරීම.

2021 අප්‍රේල්  මස 1 වනදා කොළඹ දී අතථ්‍ය ලෙස පැවැත්වෙන 17 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීමට සහභාගී වීම සඳහා මියන්මාරයේ විදේශ අමාත්‍යවරයාට ආරාධනා කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය පැහැදිලි කිරීමක් නිකුත්කර තිබේ.

එම සංවිධානයේ වර්තමාන සභාපතීත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි.

“බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සභාපතිත්වය දරන රට සහ මෙම අමාත්‍ය රැස්වීමේ සත්කාරක රට ලෙස, මෙම වසර අග භාගයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අපේක්ෂිත 5 වැනි බිම්ස්ටෙක් සමුළුව පිළිබඳ ලේඛනවල කටයුතු අවසන් කිරීමේ අරමුණින් යුතුව, සාකච්ඡාවලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සියලුම සාමාජික රටවලට (බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ තායිලන්තය) ආරාධනා කර ඇත,” යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.

නමුත් මේ වනවිට මියන්මාරයේ හමුදා පාලනයක් පවතින බැවින් එරටට එම අවස්ථාවට ආරාධනා කිරීම එරට හමුදා පාලනය ශ්‍රී ලංකාව පිළිගැනීමක් වැනි බව ඒ සමාජ මාධ්‍ය පරිශීලකයින් පවසා තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය ඔවුන්ගේ පැහැදිලි කිරීම නිකුත් කර ඇත්තේ ඊට ප්‍රතිචාර වශයෙනි.නමුත් එරට හමුදා පාලනය ශ්‍රී ලංකාව පිළිනොගන්නා බවක් එම නිවේදනයේ සඳහන් කර නොමැත.

මේවනවිට මියන්මාර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවා ශ්‍රීලංකාව පිළිබඳව විවේචන එල්ල කරන තත්වයක් නිර්මාණය වී තිබේ.

Leave a Reply