සංවේදී ලේඛණ 22 නීතිපතිට ලබාදෙන්න.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කල ජනාධිපති කොමිසමේ වාර්තාවේ අඩංගු එහෙත් මේ දක්වා නීතිපතිවරයාට දී නොමැති සංවේදී ලේඛණ 22 ක් වහා ලබාදීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කළා.

රදගුරු සම්මේලනය රජයෙන් ඉල්ලා සිටින්නේ කොමිෂන් වාර්තාවේ නිර්දේශ පිළිබඳ ප්‍රසාදය පළකරන අතරම ඒවා වහා ක්‍රියාවට නංවන ලෙසයි .

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ මෙරට සිටින රදගුරු හිමිපාණන් වහන්සේ 13 දෙනෙකු  විශේෂ හමුවක් පවත්වා තිබූ අතර අනතුරුව නිකුත් කල ඒකාබද්ධ නිවේදනයක මේ බව සඳහන්.

කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛත්වයෙහිලා කටයුතු කරන ලෙසටත් අපරාධ චෝදනා එල්ලවී ඇති අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එමගින් ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම නීතිමය පියවර අනුගමනය කිරීමේදී නීතිපතිවරයාට පූර්ණ බලතල පවරන ලෙසටයි කතෝලික  රදගුරු සම්මේලනය රජයෙන් ඉල්ලා සිටින්නේ.

පාස්කු කොමිසම් වාර්තාවේ ඉදිරි ක්‍රියාමාර්ග සහ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ වල ප්‍රගතිය ගැන අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ නීතිපති දප්පුල ද ලිවේරා මහතා අතර සාකච්ඡාවක් පැවැත්වී තිබෙනවා.

පසුගිය සඳුදා පැවැති මෙම සාකච්ඡාවේදී පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වල වත්මන් තත්ත්වය පිලිබඳවද අගරදගුරු හිමියන් දැනුවත්කර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකාරක රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළේ.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර මෙරටට ගෙන්වා ඇතිබන කියන කඩු 6000ක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසද නීතිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

ඒ එම සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝගයක් ඉල්ලා අගරදගුරු හිමියන් විසින් අධිකරණය හමුවේ ගොනුකර ඇති රීට් පෙත්සමකට අදාළව පියවර ගනිමින්

Leave a Reply