ලංකාවේ විදේශ සංචිතය පහත වැටේ.

පෙබරවාරි මාසය අවසානයේ මෙරට විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 4.6 දක්වා පහත වැටී තිබෙනවා.

මහ බැංකුවේ අතුරු ඇස්තමේන්තුවලට අනුව මෙලෙස සංචිතය පහත වැටී ඇත්තේ ඉන්දියානු සංචිත බැංකුව සමඟ ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරුවක් සිදුව තිබියදීයි.

ජනවාරි මාසය අවසානයේ මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 4.8 ක් වූ අතර, පසුගිය වසර අවසානයේ එය ඩොලර් බිලියන 5.6 ක් ලෙස පැවතුණා.

විදේශ සංචිතය ගොඩනැගීමේ පියවරක් ලෙස මහ බැංකුව විසින් පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 28 ක විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ හුවමාරු ලබාගෙන ඇති අතර, ඩොලර් මිලියන අටක අපනයන ආදායම්, විනිමය හුවමාරු ලබාගෙන තිබෙනවා.

අපනයනකරුවන්ගේ විදේශ විනිමය තුළු ගලනයන්ගෙන් සියයට 12.5 ක් දේශීය මුදලට හුවමාරු කළ යුතු බවට මහ බැංකුව පසුගියදා රෙගුලාසියක් පනවනු ලැබුවා.

Leave a Reply