අමාත්‍යාංශ විෂය පථ වෙනස්වෙයි.

අමාත්‍යාංශ කිහිපයකට අයත් විෂය පථයන් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන මෙලෙස සංශෝධනය කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළ දමා තිබේ.

රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් ඊට ඇතුළත්ය.

මීට අමතරව නව ගැසට් පත්‍රයට අනුව සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.

නව ගැසට් පත්‍රයට අනුව ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ඉඩම් මැණුම් සභාව, ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 7ක් ඉඩම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.

මීට අදාළව නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.
https://www.scribd.com/document/494865089/2215-20-S-%E0%B6%85%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B7%92%E…

Leave a Reply