කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් පත් කොට ඇති විශේෂඥ කමිටුවේ උපදෙස් අනුව බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍යවරිය ගෙන් විමසා සිටියේ කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කිරිම කවදා සිදුකරන්නේද යන්නයි.
