වතු කම්කරුවන්ගේ රුපියල් දහස ගැන අවසන් තීරණය අද.

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට අදාල තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වේ. 

ඒ, වතු හාම්පුතුන්, වතු කම්කරුවන් හා රජයේ පාර්ශවය අතරයි. කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති කියා සිටියේ අද දිනයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප සම්බන්ධයෙන් සාධාරණ  පිළිතුරක් ලැබෙනු ඇතැයි.

දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට වතු සමාගම් එකතාවය පල කර ඇතත් ඒ සඳහා පනවා ඇති කොන්දේසි වලට වතු වෘත්තීය සමිති එකග නොවූ බවයි කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.

ඉකුත් ජනවාරී මාසයේ සිට වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට යෝජනා කෙරෙන්නේ මේ වසරට අදාල අයවැයෙන්. එහෙත් එම ඉල්ලීම මෙතෙක් ඉටු නොවීම හේතුවෙන් වතු කම්කරු වෘත්තීය සමිති ඉකුත් 05 එක්දින වැඩවර්ජනයක් ද දියත් කළා. ඒ, දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කරන ලෙස වතු සමාගම් වෙත බලකරමින්.

කම්කරු ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන්‌ අද  කැඳවන පඩිපාලක සභාව තූළ වතු  කම්කරු දෛනික මූලික වැටුප රුපියල්‌ 1,000 කිරීමට පියවර නොගතහොත්‌ අඛණ්ඩ ජනතා  අරගලයකට යන බව සමස්න ලංකා වතු  කම්කරුවන්ගේ සංගමය අවධාරණය කරයි.

එහි සභාපති කින්නන්‌ සෙල්වරාජ්‌ පැවැසුවේ 2015 සිට මෙම ඉල්ලීම කරන නමුත් ‌ ඊට කිසිදු රජයක්‌ කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගත් ‌ අනර දැනට පවතින රුපියල්‌ 750ක්‌ වූ වතු කම්කරු මූලික වැටුපට තවත්‌ රුපියල්‌ 250ක්‌ එකතු  කිරීමට නොහැකි ආණ්ඩුවකින්‌ තව කුමක්‌ බලාපොරොත්තු  වන්න ද යන්නයි.

අය-වැය හරහා මෙම රුපියල්‌ 1000ක පොරොන්දුව ලබා දුන්‌ ආණ්ඩුව හාම්පුතුන්‌ සමග සාකච්ඡා කළ පසු නිදහසට කරුණු ලෙස සාමූහික ගිවිසුමක්‌ ඉදිරියට ගෙන ප්‍රකාශ නිකුත් ‌ කරන අනර හාම්පුතුන්ගේ සාකච්ඡාව හා සාමූහික ගිවිසුම යනු දෙකක්‌ බව අමතක නොකළ යුතු යැයි ද සෙල්වරාජ්‌ මහතා පෙන්වා දෙයි.

මෙවැනි අරගලයක්‌ හුදෙකලා සටනකින්‌ ජයගත  නොහැකි බැවින්‌ 133,000ක්‌ වූ වතු  කම්කරුවන්‌ සියල්ල ආණ්ඩුවට බල කිරීමේ කටයුත්තට එක්වැන්නයි තමා ඉල්ලා සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply