ශ්‍රීලනිපයෙන් කමිටුවක්.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම  පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති කමිටුව ලබන සතියේ රැස්වන බව එම පක්ෂ මහලේකම්, බතික් හා අත්යන්ත්‍ර රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති එම කමිටුවට

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස,පක්‍ෂ මහ ලේකම්වරයා, ජාතික සංවිධායක  සූර්ය බල හා සුළං රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක,නියෝජ්‍ය ලේකම් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ද අයත් වෙති. 

මීට අමතරව පක්ෂයේ උප සභාපති ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත, නීතිඥවරුන් වන

සංජය  ගමගේ හා කීර්ති උඩවත්ත ද කමිටුවට ඇතුළත් ය.

කමිටුව රැස් වී සකස් කරන යෝජනා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත්කරනු ලැබ ඇති කමිටුවේ සභාපති

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Leave a Reply