මහ බැංකුවෙන් වාණිජ බැංකුවලට නියෝගයක්

ඉදිරි මාස තුනක කාලය සඳහා මෙරට වාණිජ බැංකු වලට තහංචියක් පැණවීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත. ඒ වාණිජ බැංකු විසින් විදේශ විනිමය යොදාගෙන කරනු ලබන ගෙවීම් නතර කරන ලෙසය.

ඊට අදාළ නිවේදනය පසුගියදා(25)  ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය  විසින් නිකුත්කර ඇත. අදාළ  නියෝගය නිකුත් කර ඇත්තේ වාණිජ බැංකුවල පවතින විදේශ විනිමය සම්බන්ධ ද්‍රවශීලතාවය ආරක්ෂා කරගැනීමේ පියවරක් වශයෙන්ය.

පසුගිය සමය පුරා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටෙමින් ඇත.

Leave a Reply